Tuesday, August 4, 2026
HomeNEWSරාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම...

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද




රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නිල කාර්යාලය ආරම්භ කිරීම අද (04) සිදු කිරීමට නියමිතව තිබේ.

ඒ, කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේදීය.

2026 ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපති විධානයකට අනුව මෙම කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ, රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහාය.

රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවය කුමන ආකාරයෙන් ව්‍යුහාත්මකව ප්‍රතිශෝධනය සිදුවිය යුතුද යන්න සඳහා නිර්දේශ ලබාදීම ආදිය පිළිබඳ වගකීම මෙම කොමිසම වෙත පවරා ඇත.

එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වෘත්තීය සමිති, සංවිධාන සහ මහජනතාව වෙතින් අදහස් සහ යෝජනා කැඳවීමද හෙට දිනයේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නැගෙනහිර මුහුදු තීරය දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර

​නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ දින 365ම සක්‍රීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ​ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ...

නඩු කටයුතු කඩිනම් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා සජබ අත්සන් තබයි

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ යෝජනා ගැනීමට සමගි ජන බලවේගයෙ තේරීම් කාරක සභාවක් ඉල්ලයි ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු...

ආරුගම්බේ ‘සන්සෙට් වීව් පාර්ක්’ ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

​ ​ආරුගම්බේ 'සන්සෙට් වීව් පාර්ක්' ව්‍යාපෘතිය අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.. ​ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය සියලුම තොරතුරු සහ සේවාවන් එකම වහලක් යටින් ලබාදීමේ...

අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න – විපක්ෂ නායක සජිත්

නඩු කටයුතු ප්‍රමාද වීම ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ ගැටලු සොයන්න තේරීම් කාරක සභාවක් පත් කරන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කඩිනමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img