පූගොඩ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගල්කිස්ස, සේරම් පාර ප්‍රදේශයේ ලැගුම්හලක ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් රැඳී සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (26) සවස 6.30ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි තායිලන්ත සහ චීන ජාතිකයින් 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
මින් එක සැකකරුවෙකු සන්තකයේ තිබී නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 10,300ක් ද සොයා ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර කාන්තාවන් 9 දෙනෙක් හා පිරිමි පුද්ගලයින් 4 දෙනෙක් සිටියි.
මොවුන් සියලු දෙනා වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 20ත් 44 ත් අතර පසුවන බව පොලීසිය පවසයි.
ඔවුන් සියලු දෙනා අද (27) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.






















