Thursday, July 23, 2026
HomeNEWSLatest Newsඅන්තර්ජාල තාක්ෂණයෙන් පැවති ඉතිහාසයේ පළමු කැබිනට් හමුවට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

අන්තර්ජාල තාක්ෂණයෙන් පැවති ඉතිහාසයේ පළමු කැබිනට් හමුවට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

අන්තර්ජාල තාක්ෂණයෙන් පැවති ඉතිහාසයේ පළමු කැබිනට් හමුවට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් හමුවට අද 2020.11.30 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්විය.

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කැබිනට් මණ්ඩලය රැස්වීමේ ප්‍රායෝගික භාවය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව මෙම කැබිනට් රැස්වීම අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි. 

කොරෝනා වසංගත තත්ත්වය යටතේ වුවත් රටේ ඉදිරි සංවර්ධනය හා ජන ජීවිතය සම්බන්ධයෙන් ගත යුතු තීන්දු තීරණ පිළිබඳව අවධානය යොමු කරමින්, සංවර්ධන කටයුතු විධිමත්ව හා සක්‍රීයව ඉදිරියට ගෙනයාමේ අරමුණින් කැබිනට් මණ්ඩලය අන්තර්ජාලය ඔස්සේ රැස්ව සාකච්ඡා කළහ.

විජේරාම අග්‍රාමාත්‍ය නිල නිවසේ සිට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මෙම කැබිනට් රැස්වීමට සම්බන්ධ වූයේය.

කැබිනට් අමාත්‍යවරු සිය නිවසේ හෝ කාර්යාල පරිශ්‍රයන් හි සිට මෙම කැබිනට් හමුව සඳහා සහභාගි වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img