Thursday, July 23, 2026
HomeNEWSLatest NewsHIV ආසාදිතයින්ගෙන් සියයට 12ක් තරුණ පිරිස

HIV ආසාදිතයින්ගෙන් සියයට 12ක් තරුණ පිරිස

HIV ආසාදිතයින්ගෙන් සියයට 12ක් තරුණ පිරිස

ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ.

 සෑම වසරකම දෙසැම්බර් පළමු වැනි දින ලෝක ඒඩ්ස් දිනය සමරන අතර මෙවර එහි තේමාව වන්නේ “ගෝලීය සහයෝගීතාව සහ හවුල් වගකීම“යන්නය.

මේ වන විට මෙරට තුළ HIV ආසාදිතයින් 3600ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළාය.

මෙරට තරුණ පරපුර තුළ HIV ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ඒ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය,

“ලෝක ඒඩ්ස් දිනයේ මෙවර තේමාව වෙලා තියෙන්නේ, ‘ගෝලීය සහයෝගීතාවය සහ හවුල් වගකීම‘.මේ තේමාව ඇත්තටම කොවිඩ් එක්ක තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ලංකාවේ ගත්තහම HIV ආසාදිතයින් 3,600ක් ඇස්තමේන්තු ගත කරලා තියෙනවා. ඔවුන්ගෙන් 2,304ක් HIV තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ඒ HIV ආසාදිතයින්ගෙන් 1,845ක් අපේ සායනවලින් HIV සඳහා ප්‍රතිකාර ලබාගන්නවා. මෙම HIV ආසාදිතයින්ගෙන් සියයට 12ක් විතර තරුණවියේ පසුවෙන අය. ඒ තරුණ වියේ අයගේ වාර්තා වීම එන්න එන්න පසුගිය වසරවල ටිකක් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා ලංකාවේ තේමාව ලෙස මෙවර ‘තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු HIV වළකමු‘ කියලා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවත් ඉහළට

ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඇ:ඩො: 3 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 95 ක මට්ටමට ලඟා වෙයි: විදෙස් මාධ්‍ය.

ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරන බව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි: විදෙස් මාධ්‍ය.

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img