Thursday, September 3, 2026
HomeNEWSLatest Newsඅපරාධ කිහිපයකට අවශ්‍යව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

අපරාධ කිහිපයකට අවශ්‍යව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු එප්පාවල ඉහළ හල්මිල්ලෑව ප්‍රදේශයේදී මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ එප්පාවල පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත පසුගිය දා මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙදී මෙම පුද්ගලයා ස්ත්‍රී දුෂණයක් සිදු කිරීම, පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදීම හා තවත් අපරාධයන් 18ක් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු බවට අනාවරණය වි ඇත.

පොලිස් බාරයට ගත් මොටර් රථය අනුරාධපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරී කණ්ඩායමක් විසින් වැඩි දුරටත් පරීක්ෂාවට ලක්ඛර ඇති අතර එහිදි කාර් රථය තුළ සූක්ෂමව සඟවා තිබු විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, මැගසින් එකක් හා පතරොම් 3ක් සොයා ගෙන තිබේ.

සැකකරු ගෝනහේන, වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img