Thursday, September 3, 2026
HomeNEWSLatest Newsඑජාප නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය කල් යයි

එජාප නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය එළඹෙන සැප්තැම්බර් පළමු සතියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගැනීමට තීරණය වූ බව එම පක්ෂය පවසයි.

එම තීරණයට එළඹ ඇත්තේ අද (25) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

පක්ෂ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවී තිබේ.

පක්ෂ නායකත්ව අභියෝගය භාරගැනීමට සූදානම් යැයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ යවා තිබූ ලිපිය පිළිබඳව ද මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලය අවධානය යොමු කළ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img