Saturday, August 1, 2026
HomeNEWSඅපි කොහෙවත් කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීලා නෑ -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

අපි කොහෙවත් කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීලා නෑ -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

අපි කොහෙවත් කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දීලා නෑ -සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අවසරයක් ලබා දී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීම පිළිබඳ පවතින තීරණයේ වෙනසක් නොමැති බව ද පැවසු 
වෛද්‍යවරයා, සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ වැරදි මතයක් ප්‍රචාරය කරමින් සිටින බව ද පැවසිය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

“අපි කොහෙවත් භූමදානයට අවසර දීලා නෑ. කොවිඩ්  – 19 පොසිටිව් මරණයක් නම් එය අනිවාර්යයෙන් ම ආදාහනය කළ යුතුයි. ඒ ස්ථීර තීරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තවමත් ඉන්නේ. අපි මේ පිළිබඳව විශේෂ කමිටුවක් පත්කරලා තමයි මේ තීරණයට ගිය මාර්තු මාසයේ පැමිණියේ. අපි මේ පිළිබඳ වෛරස් විශේඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කරලා තියෙනවා. ඒකේ වාර්තාව ලැබෙනකල් අපි බලන් ඉන්නවා. එතකොට මේ පිළිබඳ නැවත වරක් සාකච්ඡාවක් තියලා අපි මේ තීරණයේ වෙනසක් තියෙනවා නම්, අපි මහජනතාවට දැනුම් දෙනවා. එතකල් අපේ තීරණය සියලුම කොවිඩ් – 19 ආසාදිත වු මරණ ආදාහනය කළ යුතුයි. එය හැකි ඉක්මනින් ආදාහනය කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ඒ තීරණයේ කිසිදු වෙනසක් නෑ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රුමේෂ් තරංගට හෙල්ල විසි කිරීමෙි ඉසව්වේන් රන් පදක්කම

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල 2026: ශ්‍රී ලංකාවෙි රුමේෂ් තරංග හෙල්ල විසි කිරීමෙි ඉසව්වේ රන් පදක්කම දිනා ගනී. දක්ෂතාව මීටර 89.75 ක්.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධියේ චෝදනාවලට අදාලව, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ බහුතර විනිසුරු මඩුල්ල විසින් මරණ දඬුවම නියම කරයි.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම ඇතුළු චෝදනාවලට වැරදිකරු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ බහුතර විනිසුරුවරු විසින් මරණ දඬුවම නියම කරයි.

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img