Monday, September 14, 2026
HomeNEWSඅපේ ගුවන් කලාපය අපිට අහිමිවෙයි ද ?

අපේ ගුවන් කලාපය අපිට අහිමිවෙයි ද ?

තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශය වෙත වහාම දැනුවත් කරන ලෙස තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක මහත්මිය පැවසීය.

ඇය සඳහන් කළේ, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බවය.

තුර්කිය තුළ ශ්‍රී ලාංකිකයින් 270 දෙනෙකු පමණ රැඳී සිටින බවට තොරතුරු ලැබී තිබේ.

තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි වී ඇති පුද්ගලයින් පිළිබඳ මේ වන විට සොයාබැලීම් සිදුකරන අතර ආපදාවට ලක්වූ ප්‍රදේශයේ සිටි එක් අයෙකු පිළිබඳව පමණක් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බව තානාපතිවරිය සඳහන් කළාය.

එම ප්‍රදේශයේ සිටි සෙසු 13 දෙනෙකු නිරුපද්‍රිතව සිටින බවට තහවුරු වී තිබේ.

“මුලදී ඒ අය එක්ක සම්බන්ධ වුණා. හුඟක්ම ආපදාවට ලක්වුණ හරියේ ඉන්න දෙන්නෙක් එක්ක. ඊට පස්සේ ඒ අය එක්ක ජංගම දුරකථන සම්බන්ධතා තියා ගන්න බැරි වුණා. වෙන ශ්‍රී ලාංකිකයෙකුට කතා කරලා ඒ අය ඉන්න තැන් ගැන එයාලා වෙන තැනකට යනවා කියලා විස්තරයක් ලබාගත්තා. කොහොම හරි ඉන්න තැන් හොයාගෙන ඒ අයව තානාපති කාර්යාලයට ගෙන්න ගන්න බලනවා. ඒක තමා අපි දැන් බලන්නේ. කොන්සල්වරුන්ගේ සහාය ලබාගන්නවා. එයාලටත් බාධා ඇතිවෙලා.අපි හොයන්නේ දෙන්නෙක් නිසා එයාලව අනිත් තානාපති කාර්යාල හරහා ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා.

එක කාන්තාවක් ගැන කිසිම තොරතුරක් නෑ තාම. එයාගේ අන්තිමට ජංගම දුරකථනය ලැබුණා කියලා දැනගත්තා. ඒක හම්බ වුණත් එයා කරදරයක් නැතිව කොහේ හරි ඉන්නවා වෙන්න පුළුවන්. තොරතුරු දැනගන්න ටිකක් අමාරුයි. අපි බලන්නේ පුළුවන් තරම් කිට්ටුවට ඉන්න කවුරු හරි ලව්වා විස්තර ලබාගන්න. මොකද තුර්කි ආණ්ඩුවට ලොකු පෙෂර් එකක් තියෙනවා. මේ වෙද්දි 2,921 මියගිය බවට දැනුම්දීලා තියෙනවා.”

ඊයේ (06) ඇති වූ භූකම්පන හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයින් 4,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට මේ වන විට වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කළේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img