Tuesday, November 10, 2026
HomeNEWSඅයර්ලන්ත - කොදෙව් දෙවන එක්දින තරගය අවලංගු කෙරේ

අයර්ලන්ත – කොදෙව් දෙවන එක්දින තරගය අවලංගු කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ අයර්ලන්තය අතර පැවැත්වීමට තිබු දෙවන එක්දින තරගය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

ඒ, අයර්ලන්ත කණ්ඩායමේ කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනීම නිසාවෙනි.

අයර්ලන්ත – කොදෙව් එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය ඊයේ (11) පැවැත්වීමට නියමිතව තිබුණේ රාත්‍රී 8.15ට ය.

නමුත් ඊයේ උදෑසන ක්‍රීඩකයන්ට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් අයර්ලන්ත කණ්ඩායමේ කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනා ගත් බවට වාර්තා විය.

අයර්ලන්ත කණ්ඩායමේ නායකයා, පුහුණුකරු ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

එම නිසා ඊයේ පැවැත්වීමට නියමිතව තිබු තරගය අවලංගු කිරීමට පියවර ගත්තේය.

දෙරට අතර තුන්වන එක්දින තරගය සිකුරාදා පැවැත්වීමට නියමිතය.

එම තරගය පිළිබඳව තවමත් තීරණයක් ලබාදී නොමැත.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img