අලියගෙ රනිල් රවී දයා මාලිමාවේ හඳුන් ගෙදර.
මේ දක්වා නිකුත් වී ඇති ඡන්ද ප්රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයට කොළඹ දිස්ත්රික්කයෙන් එකදු පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් ලැබී නොමැති බව වාර්තා වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ උප නායක රවී කරුණානායක ජාතික සංවිධායක දයා ගමගේ යන මහත්වරුන්ට මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වීමේ අවස්ථාව අහිමි වී තිබේ. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණට මාතර දිස්ත්රික්කයෙන් එකදු ආසනයක්වත් හිමි වී නොමැති අතර එම නිසා හිටු පාර්ලිමේන්තු මන්ත්රී කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාට ද මෙවර පාර්ලිමේන්තුව යෑමේ අවස්ථාව අහිමි වී තිබෙන බව වාර්තා වේ.






















