මාසයකට පමණ පෙර මියගොස් ඇති බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව වන රක්ෂිතයේ දිගම්පතාහ ප්‍රදේශයෙන් හමුව තිබේ.ඒ අතර ඇති ඇත් සිරුරේ දළ ඉවත් කර ඇති බව ද දැකගත හැකි බව වාර්තා වේ. මෙම අලි මරණ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරීන්ව දැනුම්වත් කළ බව ප්‍රදේශවාසීන් පවසයි.






















