Friday, May 22, 2026
HomeNEWSඅලි මිනිස් ගැටුම අවම කිරිමට 2020 හඳුන්වා දුන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි...

අලි මිනිස් ගැටුම අවම කිරිමට 2020 හඳුන්වා දුන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි – විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

*අලි මිනිස් ගැටුම අවම කිරිමට 2020 හඳුන්වා දුන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන්නේ ඇයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි*අලි මිනිස් ගැටුම අප රටේ උද්ගත වී ඇති බරපතල ගැටලුවක් වි ඇති බවත් අලි මිනිස් ගැටුමේ වර්ධනය බව සහ වන අලි සංරක්ෂණයේ පවතින ගැටලුකාරි තත්ත්වයන් පසුගිය වසර කිහිපයේ ම දැකගත හැකි වූ බවත් අලි මිනිස් ගැටුම නිසා මිනිස් ජිවිත, දේපල, වගා විනාශ හා අලි මරණ පසුගිය දිනවල වැඩි වශයෙන් වාර්තා වූ බවත් මේ ගැටුම් වළක්වා ගැනීමට සුදුසු ස්ථිර පිළියමක් යෙදීමට රජයට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.එබැවින් අප රටේ වන අලින් ප්‍රමාණය ගැන සිදු කළ සංගණන සහ ඒවායේ දත්ත ඉදිරිපත් කරන ලෙසත් එහි දී මෙරට වනයේ සිටින ඇතුන්ගේ ප්‍රතිශතයත් වන අලි මිනිස් ගැටුම විසඳීම උදෙසා 2020 නිර්මාණය කළ විසඳුම ක්‍රියාත්මක කරන්නට පියවර ගෙන ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අලි මිනිස් ගැටුම අවම කිරිමට ජාතික වැඩපිළිවෙළක් ඇති නමුත් එම ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්න රජය අපොහොසත් වී ඇති බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, අලි මිනිස් ගැටුම අවම කිරීමට 2020 නිර්මාණය කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන්නේ මන්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.*අලි මිනිස් ගැටුම නිසා අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණය සහ වන අලි ප්‍රමාණය පසුගිය වසර 5 කොපමණ ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ නිසා අහිමි වූ මිනිස් ජිවිත හා වගා හානියට ලබා දෙන වන්දි ප්‍රමාණයත් එම වන්දි ලබා දෙන නිර්ණායකත් දැන ගැනීමට අවශ්‍ය බවත් මිනිසා අලියා සහ ඇතුන් මේ නිසා හානි වන මුත් වන්දි ලබා දීමේ ක්‍රමවේදයේ ක්‍රමික ක්‍රමානුකූල කාර්යක්ෂණ වැඩපිළිවෙළක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.වන අලි ඝාතනය වළක්වාලීමට පනවා ඇති නීතිරීති මෙන්ම එම ක්‍රියාවේ නියැලෙන අයට පනවන දඩුවම් ඉදිරිපත් කරන ලෙස පැවසූ විපක්ෂ නායකවරයා සත්ත්ව සුබසාධන පනත සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියේය. එසේම අලි මිනිස් ගැටුම අවම කිරිම උදෙසා වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරන පශු වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයත් භෞතික හා මානව සම්පත් ප්‍රමාණවත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් පැවසීය.අලි මිනිස් ගැටුම අවම කිරිමට ජාත්‍යන්තර ක්‍රමවේද ගණනාවක් ඇති බවත් තුවාල වූ සතුන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙළ රැසක් ඇති බවත් ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් නවින ක්‍රමවේද ක්‍රියාත්මක කරන නිසා අප රටේත් ප්‍රතිකාර සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.https://youtu.be/YbmNJEut4w0?si=CkHw-EL2fbzFIDd0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img