Friday, August 21, 2026
HomeNEWSපෞද්ගලික අංශයට රුපියල් 12500ක වැටුප් වැඩිවීමක්- ඇමති විජිත පාර්ලිමේන්තුවේදී කියයි

පෞද්ගලික අංශයට රුපියල් 12500ක වැටුප් වැඩිවීමක්- ඇමති විජිත පාර්ලිමේන්තුවේදී කියයි

වර්තමාන ආණ්ඩුව යටතේ පසුගිය අප්‍රේල් 01 දින සිට ලබන ජනවාරි 01 වන විට පෞද්ගලික අංශයේ වැටුප රුපියල් දොලොදහස් දහස් පන්සියයකින් වැඩි කිරීමට කටයුතු කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 17500ක් වූ අතර එය පසුගිය අප්‍රේල් 01දා සිට රුපියල් 3500කින් වැඩි කිරීමට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවේදී අද දින සම්මත වන බවත් ඒ අනුව එම වැටුප් වැඩිවීම පසුගිය අප්‍රේල් 01වන දින සිට ක්‍රියාත්මක වන බවත් මෙතෙක් එම වැටුප් වැඩිවීම නොලැබූ පෞද්ගලික අංශයේ සේවකයින්ටද එම හිඟ වැටුපද හිමිවන බවත් අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පෙන්වා දෙන ලදී. මෙම වැටුප් වැඩිවීම අනුව 2026 ජනවාරි 01 වන විට පෞද්ගලික අංශයේ අවම වැටුප රුපියල් 30,000 දක්වා වැඩිවන බවත් ඊට සමගාමීව EPF අගය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩිවෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව වතු කම්කරු ජනතාවට රුපියල් 1700ක් දිනක වැටුපක් ලබාදීමට වතු හිමිකරුවන් එකඟ වී තිබෙන බවත් වතුකම්කරු ජනතාවට දෛනික වැටුපක් වෙනුවට මාසික වැටුපක් ගෙවීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 විරුද්ද මහනායක හිමිවරුත් හොරුද.. ඇප පිටද.. සැක පිටද..

දැන් මං දැක්කා මේ සමහර ඇමතිවරු, මන්ත්‍රීවරු කියනවා මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කිරීමට විරුද්ධ වෙන්නේ හොරුලු, ප්‍රශ්න තියෙන අයලු. ​දැන් ගරු සභාපතිතුමිය, ගරු මහා නායක...

නන්දා මාලනිය වෙනුුවෙන් තෙදිනක ශෝක කාලයක් – අවසන් කටයුතු 22 සෙනසුරාදා

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී, විශාරද ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස...

දිස්ත්‍රික්ක රැසකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...

වී මිලදී ගැනීමට රුපියල් මිලියන 7,500ක් – පරිපූරක ඇස්තමේන්තුව අද පාර්ලිමේන්තුවට

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කථානායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img