Friday, June 19, 2026
HomeNEWSඅලුත්ම හෙරොයින් තොගයේ අයිතිකරු හෙළිවෙයි

අලුත්ම හෙරොයින් තොගයේ අයිතිකරු හෙළිවෙයි

මෙරට බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගැනුණු හෙරොයින් තොගය ඩුබායිහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට අයත් බවට සැක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ඩුබායිහි සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රාවක සූක්ෂමව සඟවා තිබූ හොරොයින් කිලෝ ග්‍රෑම් 330කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබුණි.

එම ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගය මුහුදේදී හුමවාරු කර ගොඩබිමට රැගෙන ඒමට පැමිණි තවත් බහුදින ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයින් 05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දික්වැල්ල සහ නාකුළුගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 3,300කට අධික බව නාවික හමුදාව පවසයි.

හෙරොයින් තොගය සමග අත්අඩංගුවටගත් සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන එමින් සිටින අතර මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව සහ පොලිස් මත්‍ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img