ශ්‍රී ලංකා කණ්ඩායම ට මුහුණ දෙන ඔස්ට්‍රේලියා විස්සයි විස්ස කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.
එම කණ්ඩායම සඳහා බෙන් මැක්ඩර්මට්, ට්‍රැවිස් හෙඩ්, මොයිසස් හෙන්ද්රිකස් සහ ජයි රිචර්ඩ්ස්සන් කැඳවා ඇති බව වාර්තා වෙයි.
දෙරට අතර 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ලබන මස පැවැත්වෙයි.
ඒ සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට නම්කර තිබේ.
ආරොන් ෆින්ච් (නායක)
ඇෂ්ටන් අගාර්
පැට් කමින්ස්
ජොස් හැස්ල්වුඩ්
ට්‍රැවිස් හෙඩ්
මොයිසස් හෙන්ද්රිකස්
ජොස් ඉන්ග්ලිස්
බෙන් මැක්ඩර්මට්
ග්ලෙන් මැක්ස්වෙල්
ජයි රිචර්ඩ්ස්සන්
කේන් රිචර්ඩ්ස්සන්
ස්ටීව් ස්මිත්
මිචෙල් ස්ටාර්ක්
මාකස් ස්ටොයිනිස්
මැතිව් වේඩ්
ඇඩම් සැම්පා
ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනෙක් වන ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාර්ෂ් මෙම තරගාවලිය සඳහා කැඳවා නැත.






















