Saturday, May 2, 2026
HomeNEWSLatest Newsආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය...

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය කිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය කිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්

ආගමික අන්තවාදී පිරිස් වලට අවනතව කටයුතු කරන බව පෙනෙන යම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් පරිදි කොවිඞ් වසංගතය පාලනය කිරීමට අදාළ නිරෝධායන පටිපාටි වෙනස් කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවට මහජන මතයක් ඇතිවී ඇත. සමාජ මාධ්‍යවල පළවන තොරතුරු අනුව  කෝවිඞ් – 19 වෛරසය ආසාදනයක් නිසා මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීමට විරුද්ධව යම් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් දිගින් දිගටම විරෝධතා ඉදිරිපත් කොට ඇත. පසුගිය දින පාර්ලිමේන්තුවේ දීද ඊට අදාලව මුස්ලිම් මන්ත්‍රීවරුන් දෙපළක් විසින් ඉල්ලීම් ඉදිරිපත් කළ බව දැන ගැනීමට ලැබුණි. එම ඉල්ලීම්වලට අනුව ජාති ආගම් භේදයකින් තොරව වසංගතය නිසා මිය යන සියලු දෙනාගේ මළ සිරුරු භූමදානය නොකර ආදාහනය කළ යුතු බවට තාක්ෂණික කමිටුවක් විසින් ගෙන තිබූ තීරණය නැවත සමාලෝචනය කිරීම සඳහා ආණ්ඩුව විසින් තීරණයක් ගෙන ඇති බව අපට දැන ගන්නට ලැබී ඇත.

ඒ ආකාරයට ජාති හෝ ආගම් පදනමින් විවිධ අන්තවාදී මත දරණ පිරිස් විසින් කරනු ලබන පෙළඹවීම් වලට අනුව පවතින නීතියක්, රෙගුලාසියක්, පටිපාටියක් හෝ ප්‍රතිපත්තියක් වෙනස් කිරීමට හෝ සමාලෝචනය කිරීමට යම් රජයක් විසින් ක්‍රියා කරන්නේ නම් එය ඉතාම නරක පූර්වාදර්ශයක් බව ඔබතුමාට ඉතා කාරුණිකව පෙන්වා දීමට සිදුවේ. ඒ අනුව මෙම නිශ්චිත කාරණයට අදාළ පහත සඳහන් කරුණු ඔබතුමාගේ අවධානය පිණිස ඉදිරිපත් කරමු.

1 ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ විද්වත් සංවිධාන සහ අප රටේ විද්වතුන් ගේ අදහස් අනුව කොවිඞ් වසංගතය පාලනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග රටේ නිරෝධායන පනත ට අනුව සහ පොදු එකඟතාවට අනුව ඇතිකරගන්නා සම්මතයන් මත පදනම් විය යුතුය.

2 ඒ අනුව කොවිඞ් (19) වෛරසය භූගත ජලයට එක්වී පරිසරයට නිදහස් විය හැකි බවට සහ විශේෂයෙන්ම එම ජල  මට්ටම පොළව මතුපිටට කිට්ටුව තිබෙන විට තත්ත්වය වඩාත් බරපතළ විය හැකි බවට පවතින සාක්ෂි අනුව පොදු මහජන සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා කොවිඞ් වෛරසය ආසාදනය නිසා මිය යන්නවුන්ගේ සිරුරු භූමදානය කළ යුතු බවට විද්වතුන් ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් විසින් තීරණය කරනු ලැබීය.

3 එම තීරණය  සමාලෝචනය කරන ලෙස මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව සහ විවෘතව කියා සිටියේ තාක්ෂණික කමිටුවේ තීන්දු අනුව කටයුතු කළ යුතු බවය.

4 තත්වය එසේ තිබියදී මුස්ලිම් මන්ත්‍රීවරුන් පමණක් භූමදානය කිරීම මළ සිරුරු භූමදානය කිරිම යනු තම ජනතාවගේ අයිතියික් ලෙස සලකා ඊට ඉඩ දිය යුතු බවට තර්ක ගොඩනගන්නේ ආගමික  අන්තවාදී බලවේග සතුටු කිරීමට බව ඉතා පැහැදිලිව පෙනේ. අන්තවාදීහු සැම විටම තම ආගමට විශේෂිතව සැලකිය යුතු බවට සමාජ මතයක් ගොඩනැගීමට උත්සාහ කරන අතර එසේ නොවන වීට ඊට එරෙහිව සටන් කළ යුතු බවට මතයක් ගොඩනගති.

5 එවැනි ඉල්ලීම් ඉටුකිරීම නොව සලකා බැලීමට ඉදිරිපත් වීම මගින් පවා අන්තවාදී මතවාදය පෝෂණය වන බව තේරුම් ගැනීම් අමාරු නැත. ඒ මගින් අනාගතයේ දීද විවිධ කරුණු මුල් කරගෙන තම ආගමට අනුව තමාට විශේෂයෙන් සැලකිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් කිරීම සහ ඒ මත පදනම්ව ගැටුම් ඇති කිරීම සාධාරණීකරණය කෙරෙනු ඇත.

6 මුස්ලිම් ජනතාවගේ සිරුරු භූමදානය නොකළ යුතු බවට හෝ ආදාහනය කළ යුතු බවට ආණ්ඩුව විසින් තීරණයක් ගෙන නැත. එම තීන්දුව වසංගත තත්ත්වයට අදාළව පමණක් වලංගු වේ. ඒ බව අන්තවාදීන්ට හැර බහුතර මුස්ලිම් ජනතාවට තේරුම් ගත හැක.

එම නිසා මෙවැනි ඉල්ලීම් සලකා බැලීම්ට ඉදිරිපත් වීම පවා වැරදි ආදර්ශයක් බව ඉතා කාරුණිකව නැවත වරක් සඳහන් කරන අතර තාක්ෂණික කමිටුව විසින් මීට පෙර කරනු ලැබූ නිර්දේශය දේශපාලන පීඩනයන්ට යටත් වී වෙනස් කිරීම්ට ඉදිරිපත් නොවන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img