Saturday, May 2, 2026
HomeNEWSLatest Newsජනපති කටුවන ප්‍රාදේශීය සභාවේ නිරීක්ෂණයක ....

ජනපති කටුවන ප්‍රාදේශීය සභාවේ නිරීක්ෂණයක ….

ජනපති කටුවන ප්‍රාදේශීය සභාවේ නිරීක්ෂණයක ….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (06) පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කළේය.

කටුවන පිහිටි ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩු පාඩු නිසා සභාවේ දෛනික සේවා මිද්දෙනිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලැබේ.

ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සභාව රැස්වීමේ දී සහ සේවා සැපයීමේ දී  උද්ගතව ඇති ගැටළු අධීක්ෂණය කළ ජනාධිපතිතුමා නව ගොඩනැගිල්ලක් ඉදිකර දීමට එකඟතාවය පළ කළේය.

මිද්දෙනිය වැව අසළ ඉදිකෙරුණු “රණවිරු උයන” ළමා ක්‍රීඩාංගණය සහ ශරීර සුවතා මංතීරුව ජනතා අයිතියට පත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. පූජ්‍ය මුරුංගාගස්යායේ ඤාණීස්සර නා හිමි පදනම ඊට අනුග්‍රහකත්වය දක්වා තිබේ. 

මිද්දෙනිය ප්‍රදේශයේ පානීය ජල ගැටළුවට සහ රෝහලේ වෛද්‍ය හිඟයට කඩිනම් විසඳුම් දෙන ලෙසත්, මිද්දෙනිය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලෙසත් අදාළ අමාත්‍යවරුන්ට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ මිද්දෙනිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීන් ගමාච්චි යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img