Monday, November 9, 2026
HomeNEWSඇත්තටම අවශ්‍ය පාලකයින් ද? මහජන නියෝජිතයින් ද?

ඇත්තටම අවශ්‍ය පාලකයින් ද? මහජන නියෝජිතයින් ද?

ප්‍රජාතන්ත්‍රවාදී ව බලයට පත්වන නායකයින් ඒකාධිපතීන් ලෙස කටයුතු කරන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රජාතන්ත්‍රවාදය නොමැති නිසා බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

සර්ව ජන ඡන්ද බලයට වසර 90ක් පිරීම නිමිත්තෙන් මාර්තු 12 ව්‍යාපාරය සංවිධාන කළ සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹදී පැවැත්වුණි.

ඊට දේශපාලනඥයින්, සමාජ ක්‍රියාකාරීන් සහ පිරිසක් එක්විය.

එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා,

” සර්ව ජන ඡන්ද බලය අවශ්‍යද ? නිතර කියන්නේ 225ම එපා. මුලින්ම ඒක ආවේ 2020 මුල.
මේජර් ජෙනරාල්ලා 9යි.. බ්‍රිගේඩියර්ලා 25යි ඇති කිව්වා. දැන් ඒක කවුරුත් කියන්නේ නැහැ.

“ඒක හාල් වැඩෙන් ඇනුණා. ඒ කතාව කවුරුත් කියන්නේ නැහැ. හැබැයි 225ම එපා කියනවා. මේකට බණින්න ඕනේ කාටද ?. මේ රටේ අවුලක් වෙලා තියෙනවා. අපි කවුරුත් කතා නොකරන ප්‍රශ්නය දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නෑ.. පවුලේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ.. පාලනය කරන්නේ අම්මා නැත්නම් තාත්තා. පාසලේදී ප්‍රධානියා. කාර්යාලයේදීත් ප්‍රධානියා.”

“සාකච්ඡාවෙන් සම්මුතියෙන් එකඟතාවයට එන්නේ නෑ. දේශපාලන පක්ෂවල නායකයින්ට තියෙන බලය ඔවුන්ගේ පවුලේ අයට තියෙන බලය කැබිනට් මණ්ඩලයේ තියෙන බලය හැමතැනම යම් කණ්ඩායමකින් පාලනය කරනවා. ඒ ගැන ජනතාව කතා නොකරන තාක් මේ ප්‍රශ්නයෙන් ගොඩඒමක් නැහැ. ඊට විරුද්ධව කතා කරන අයත් තනි තනිව කතා කරන අයත් ඊට වඩා ඒකාධිපතියෝ ප්‍රජාතන්ත්‍රවාදය පටන්ගන්න ඕනේ දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයෙන්.”

“අපිට අවශ්‍ය පාලකයින් ද? මහජන නියෝජිතයින් ද?. මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුළුවන් කාටද?. ඇත්තටම මේ ප්‍රශ්නයට උත්තරයක් නෑ. මහජන නියෝජිතයෝ තමයි ඒ අය..හැබැයි ගිහින් අපිව පාලනය කරනවා. එහෙම නම් මහජන නියෝජිතයින් වශයෙන් ක්‍රියා කරමින් පාලනය කිරීම තමයි අවශ්‍ය වන්නේ.” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img