ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජාතිය ඇමතීමට නියමිතව ඇත.
රට තුළ පවතින ආර්ථික අර්බුදය ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්රකාශයේදී අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදු කරන ප්රකාශය අද රාත්රි 08.30ට ටී.වී. දෙරණ සහ අද දෙරණ 24 නාලිකාව සහ අද දෙරණ යූ ටියුබ් නාලිකාව සහ අද දෙරණ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ විකාශය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.






















