Tuesday, November 10, 2026
HomeNEWSඇතැම් ප්‍රදේශවලට විදුලිය කැපීමේ අවදානමක්

ඇතැම් ප්‍රදේශවලට විදුලිය කැපීමේ අවදානමක්

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන ධාරිතාව සම්පුර්ණ නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක් කිරීමේ කටුයුතු සහ අළුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුකරන බවය.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක් හෝ විනාඩි 45ක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව ද ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු සුලක්ෂණ ජයවර්ධන මහතා,

“3 වනදා දින ඇතිවූ බිඳවැටීමත් සමඟ පද්ධතියේ ජනන ධාරිතාව පිළිබඳව පසුගිය දින කිහිපය තුළ යම් ගැටලුකාරී තත්ත්වයන් අභියෝගයන් මතු වුණා. මේ තත්ත්වය තුළ සමහර දිනවලදී පැයක වගේ කාලයක් විදුලි සැපයුම සීම කිරීමක් ක්‍රියාත්මක කළා. කෙසේ නමුත් “ලක්විජය” ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 3න අතුරින් ජනන යන්ත්‍ර දෙකක් පද්ධතියට සම්බන්ධවීමත් සමග ඒ විදුලි සැපයුම සීමාකිරීමේ තත්ත්වය ඉවත් කරනු ලැබුවා. 

නමුත් යම් ප්‍රමාණයක අභියෝගයක් එල්ල වෙනවා විශේෂයෙන්ම  “ලක්විජය” ගල්අඟුරු බලාගාරයේ තුන්වෙනි ජනන යන්ත්‍රයේ ධාරිතාවය යම් ප්‍රමාණයකින් අඩුකිරීමට සිදුවෙලා තිබෙනවා. ඒ එකේ තාක්ෂණික දෝෂයක් නිවැරදි කරමින් තිබෙන නිසා. ඒ තත්ත්වය තුළ සමහර අවස්ථාවල විශේෂයෙන් රාත්‍රී ඉහළ විදුලි ඉල්ලුම් කාලසීමව තුළ සමහර ප්‍රදේශවලට පැය බාගයකට ආසන්න කාලය විදුලි සැපයුම සීමා කිරීමක් ක්‍රියාත්මක කරන්න සිද්ධවෙනවා. කෙසේනමුත් මේ තාවකාලික තත්ත්වයක් ඒ ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු අවසන් වූ වහාම නැවතත් පද්ධතියට සම්බන්ධ කර ගැනීමට කටයුතු කරනවා. පැය බාගයක් විනාඩි 45ක් වගේ පද්ධතියේ අවශ්‍යතාවය අනුව තමයි මේ විදුලි සැපයුම සීමා කරන්නේ. විශේෂයෙන්ම කළමණාකරන කරගැනීම සඳහා අවශ්‍ය විදුලි ධාරිතාවය පද්ධතියේ නොමැති වුවහොත් පමණක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img