Sunday, July 19, 2026
HomeNEWSLatest Newsඇන්ටිජන් කට්ටල රජයේ ප්‍රධාන රොහල් වෙත

ඇන්ටිජන් කට්ටල රජයේ ප්‍රධාන රොහල් වෙත

ඇන්ටිජන් කට්ටල රජයේ ප්‍රධාන රොහල් වෙත

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හදුනාගැනීම සඳහා යොදා ගැනෙණ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල සියලු ප්‍රධාන රෝහල් වෙත මේ වන විට ලබාදී ඇති බව රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආර්.එම්.එස් රත්නායක මහතා පවසයි.

පෞද්ගලික රෝහල්වලටද පී.සී.ආර් පරීක්ෂණයට අමතරව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති අතර එම පරීක්ෂණ කටයුතු අධීක්ෂණය කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍යක හමුවක් අමතමින් විශේෂඥ වෛද්‍ය ආර්.එම්.එස්.රත්නායක මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ආර්.එම්.එස් රත්නායක මහතා,

“මේ වෙන කොට රජයේ ප්‍රධාන රෝහල් සඳහා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක ලබා දීලා තියෙනවා. ඒක වෛද්‍යවරුන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම රජයේ අධීක්ෂණයක් යටතේ අපි පෞද්ගලික රෝහල්වලටත් පීසීආර් පරීක්ෂණයට අමතරව ඇන්ටිජන් පරීක්ෂණයත් ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. අවසරය ලබා දීලා තියෙනවා. අපි ඒක විශේෂ අධීක්ෂණයකට ලක්කරන්න කටයුතු කරලා තියෙනවා. පෞද්ගලික රෝහල්වලට යම් සැත්කමකට රෝගියෙක් භාජනය කරනවා නම් ඒ අයට මේක පාවිච්චි කරන්න අවසරය තියෙනවා. “

මේ අතර, ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සඳහා වැයවන මුදල සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂඥ වෛද්‍ය ආර්.එම්.එස් රත්නායක මහතා කරුණු පැහැදිලි කළේය.

“රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකට අපිට වැය වෙන්නේ රැපියල් 1200ක වගේ මුදලක් මේ වන විට. අපි රජය විසින් සැලසුම් කරලා තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අපිට ලබා දීලා තිබෙන රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්වලට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙන තව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් තිබෙනවා නම් ඒවත් අපි ලියාපදිංචි කරලා, ගුණාත්මකභාවය පරීක්ෂණයට ලක්කරලා, ඒවත් අපි රටේ පාවිච්චි කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ, විශේෂයෙන්ම තරගකාරී මට්ටමකට ආවට පස්සේ මිල අඩුවීමක් වෙයි කියන එක. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පළමු තොගය ලක්ෂයක් හා ඊළඟ තොගය ලක්ෂ 4ක් ලැබෙන්න නියමිතයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්. මේ වන විට අපිට තොග තියෙනවා 50,000ක් විතර. ඊට අමතරව ලක්ෂ 4ත් ලැබුණම අපිට කටයුතු කරන්න පුළුවන් වෙයි.“  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img