Monday, July 20, 2026
HomeNEWSLatest Newsසංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික...

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක්

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක්

සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක් සංවිධානය කෙරේ. මෙම සතිය තුල අදාල හමුව පැවැත්වීමට අපෙක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

පළමු කොවිඩ් රැල්ල පාලනය කිරීමත් සමග සංචාරකයන් කණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමට රජයේ අවධානය යොමුව තිබිනි. ඒ අනුව රුසියානු සමුහාණ්ඩුවට අයත් රටවල සංචාරකයින්ට 44,000 ක් දිවයිනට ගෙන්වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සංචාරක ඇමතිවරයා ඉදිරිපත් කර ඇති අතර ඊට කැබිනට් මන්ඩල අනුමැතිය පලවී තිබිනි. ඊට අමතරව ජර්මනියේ ඔස්ට්‍රේලියාව වැනි රටවලින්ද මෙලෙස සංචාරකයින් කාණ්ඩායම් වශයෙන් දිවයිනට ගෙන්වීමට සැලසුම් කර තිබුනි. මෙලෙස පැමිණෙන සංචාරකයින් හෝටල් තුලම පලමු දින 14 රැදවීමටත් සැලසුම් කර තිබු අතර පැමිණිමට පෙරත් හා දිවයිනට පැමිණි පසුත් පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීම හා ඔහුන් දිවයින තුල සිටින කාලය තුල අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මේ අනුව සාකච්ඡා කෙරෙමින් පැවතිනි. 

ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කලේ සෞඛ්‍ය අංශ නිර්දේශ වලට අනුව ඉදිරියේදි රට සංචාරකයින්ට විවෘත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි. සෞඛ්‍ය අමාත්‍යවරිය හා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ද සෞඛ්‍ය අමාත්‍යංශ පාර්ශවයෙන් මෙම සාකච්ඡාවට සහභාගී වන බවත් තමන් ඇතුළු සංචාරක අංශ ප්‍රදානීන් සංචාරක අමාත්‍යංශ පාර්ශවයේ ඊට සහභාගී වීමට නියමිත බවත් ඇමතිවරයා කීවේය.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img