Wednesday, July 29, 2026
HomeNEWSඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

ඇමති විජිත පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණයක

අමාත්‍ය විජිත හේරත් පිලිපීනයේ PHIVIDEC කාර්මික භූමිය නිරීක්ෂණය කරයි.
Tagoloan නගරාධිපතිනියගෙන් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තූතියක්

පිලිපීනයේ ‘PHIVIDEC කාර්මික භූමිය’ (PHIVIDEC Industrial Estate) හි ස්ථාපිත ශ්‍රී ලාංකේය ආයෝජනයන්හි ප්‍රගතිය පිළිබඳ විශේෂ සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍ය විජිත හේරත් මහතා එක් වූවේ ය.

​පිලිපීනයේ Tagoloan හි Phividec කාර්මික අධිකාරියේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී, Tagoloan හි ගරු නගරාධිපතිනී නීතිඥ Nadya B. Emano Elipe මහත්මිය හමුවීමට මට සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අවස්ථාව හිමිවිය. එහිදී ඇය විසින් අමාත්‍යතුමා ඇතුළ දූත පිරිසට සිය විශේෂ ස්තූතිය සහ ප්‍රසාදය පළකර සිටියාය.

​ශ්‍රී ලාංකේය ප්‍රධාන ආයෝජනයක් ලෙස Sta Ana හි අලුතින් ඉදිවන ‘Haycarb’ කර්මාන්තශාලාව මඟින් Tagoloan ප්‍රදේශයේ ජනතාවට විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් හිමිවන බවත්, එය ප්‍රදේශයේ ආර්ථිකයට විශාල ශක්තියක් වන බවත් නගරාධිපතිනිය මෙහිදී සඳහන් කළාය.

​එමෙන්ම Tagoloan ජනතාවගේ සුබසාධනය උදෙසා අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳව Phividec IA හි පරිපාලක නීතිඥ Joseph Donato J. Bernedo මහතා ඇතුළු PHIVIDEC ආයතනයටද ඇයගේ ප්‍රසාදය හිමිවිය.

​මෙම හමුව සඳහා නියෝජ්‍ය නගරාධිපති Rolando Seno, සභාපති Ely Naz Factura, MENRO ප්‍රධානී ඉංජිනේරු Jeffrey Elogsong සහ MEEDO ප්‍රධානී Maristel Emano යන මහත්ම මහත්මීන් එක්වූ අතර, අනතුරුව අපි Haycarb කර්මාන්තශාලා ඉදිකිරීම් භූමිය සහ Jaindi Philippine Corporation සඳහා වෙන්කර ඇති ඉඩම නිරීක්ෂණය කිරීමේ ක්ෂේත්‍ර සංචාරයකටද එක්වූවෙමු.

ශ්‍රී ලාංකික ප්‍රමුඛ පෙළේ සමාගම් වන ‘හේකාබ් PLC’ (Haycarb PLC) සහ ‘ජායින්දි එක්ස්පෝර්ට්ස්’ (Jaindi Exports) යන සමාගම් විසින් PHIVIDEC කාර්මික භූමිය තුළ ආයෝජනයන් සිදුකර ඇත. එය නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා ​පිලිපීනය තුළ පවතින ආයෝජන හිතකාමී පරිසරය සහ අවස්ථා කෙරෙහි ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පවතින වර්ධනය වන විශ්වාසය මනාව පිළිඹිබු වන බව පෙන්වා දුන්නේ ය.

​ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී, දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා මෙන්ම ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා ද තවදුරටත් පුළුල් කරගැනීමට දෙපාර්ශ්වයම කැපවී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්‍රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි. අද (29) උදෑසන 11 පමණ...

ගොවි සංවිධානවල ඉල්ලීමට අනුව සාධාරණ සහතික වී මිලක් ලබා දී තිබෙනවා- ඇමති ලාල්කාන්ත

ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජය කැපවී සිටිනවා– අනුරාධපුරයේ පැවැති විශේෂ ගොවි හමුවේදී කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහාසභා රැස්වීමක් අද (29) කොළඹදී

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද (29) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. එහි සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසුවේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව වැඩි...

පුනරාවර්තන වියදම් අඩු කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට සැලසුම්-ජනපති

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img