Monday, August 3, 2026
HomeNEWSඇඹරුම්ගලක් ලෙස භාවිත කළ සෙල්ලිපිය

ඇඹරුම්ගලක් ලෙස භාවිත කළ සෙල්ලිපිය

අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලහප්පෙරුමාගම පිහිටි මුස්ලිම් පල්ලියේ තාප්පයක් ඉදිකිරීමට කටයුතු කිරීම හේතුවෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැඟිල්ලක නටඹුන්වලට දැඩි හානි සිදුව ඇති ආකාරය “අද දෙරණ” ඊයේ (11) අනාවරණය කළේය.

විජිතපුර බළකොටුවට අයත් බවට පැවසෙන ප්‍රදේශයක මෙම ඉදිකිරීම සිදුකර තිබුණේ අනුරාධපුර පුරාවිද්‍යා කාර්යාලයේ අවසරයකින් තොරවය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (12) සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

ඒ අතර අලහප්පෙරුමාගම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා, තාප්පය ඉදිකිරීමේදී කටයුතු කළ බැකෝ රථ රියදුරු ඇතුළු සහාය දැක්වූ පිරිසක් වන බව පොලීසිය පැවසුවේය.

එමෙන්ම තාප්පය ඉදිකළ පල්ලියට යාබද නිවසක තිබී ඇඹරුම්ගලක් සොයාගත් අතර එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත සෙල්ලිපියක් බවට සැකකෙරන බව පොලීසිය පවසයි.

එම නිවසේ හිමිකරුද අත්අඩංගුවට පත් පිරිස අතර වේ.

එම සැකකරුවන් හෙට (13) කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසමින් මහානාහිමිවරුන් ජනපතිට ලිපියක් යවා තිබෙනවා – නීතිඥ සංගමයේ සභාපති

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තමන්ට පැවසූ...

මාස 14ක් තිස්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් ස්ථීර ලෙස පත් කරලා නැහැ- ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් අපේ රටේ බන්ධනාගාර පද්ධතිය...

යෝෂිතට සහ හිටපු නාවික හමුදාපතිට අධි චෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි.

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි මේ රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි වත්මන් රජයට හිරගෙදරක්වත් පාලනය කර ගන්න නොහැකි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img