Monday, August 3, 2026
HomeNEWSදිසානායක මහත්මයා සනීපෙන් ඉන්නවද ? දැන් සතුටුයි නේද ?

දිසානායක මහත්මයා සනීපෙන් ඉන්නවද ? දැන් සතුටුයි නේද ?

නුවරඑළිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ මහින්ද දිසානායක මහතා අද (12) පාස්කු කොමිසමට කැඳවා තිබුණි.

ඒ, සහරාන් හෂිම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායම නුවරඑළිය ශාන්තිපුර පුහුණු කඳවුරක් පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහාය.

එහිදී අගරදගුරු හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවිශානි පිරිස් මහත්මිය විමසා සිටියේ කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂියාබ්දින්ව ඔබ දැන සිටියේද යන්නය.

“ඔව් ස්වාමිනි. මම කුරුණෑගල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස 2018 මැයි 15 සිට 2019 අගෝස්තු 09 දක්වා රාජකාරි කළා. ෂාෆි ෂියාබ්දින් ගැන මම දැනගත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පස්සේ,” යැයි පිළිතුරු දුන්නේය.

“එම වෛද්‍යවරයාට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් සමග සම්බන්ධතාවයක් තිබු බව ඔබ දැන සිටියාද?,” නීතිඥවරිය යළි ප්‍රශ්න කළාය.

“එහෙමයි ස්වාමිනි. මම ෂාෆි ෂිහාබ්දීන් ගැන විමර්ශන මෙහෙයවූවා. එහිදි අනාවරණය වුණා රිෂාඩ් බදියුදින් ෂාෆි ෂිහාබ්දීන් සමග සම්බන්ධතාවක් තිබුණා කියලා. ෂාෆිගේ බැංකු ගිණුම් තුළ කෝටි 44ක් ඉතා කෙටි කාලයක් තුළ හුවමාරු වී ඇති බව හෙළිවුණා. නමුත් ෂාෆි වෛද්‍යවරයාගෙන් ඒ ගැන ඇහුවාම, ඒ ගැන අහන්න එපා කියලා ඔහු අපිට කිව්වා. ඒ නිසා අපිට සැකයක් ඇතිවුණා. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සැකපිට ෂාෆි වෛද්‍යවරයා  අත්අඩංගුවට ගැනුණා. කොහොමහරි මේ විමර්ශනය සිදුවෙද්දි මටත් නියෝජ්‍ය පොලිස්පතිතුමාටත් මාරුවීම් ලැබුණා. ඒ වෙද්දි මගේ පුතා උසස් පෙළ විභාගයේ එක විෂයකට ලියලා හිටියේ. මම මහත් අපහසුතාවයකට පත්වුණා,” යනුවෙන් සාක්ෂිකරු පැවසීය.

“පසුව ෂාෆි වෛද්‍යවරයාට ඇප ලැබුණා. ඇප ලැබුණු දවසේම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතා මට දුරකතනයෙන් කතා කළා. දිසානායක මහත්මයා සනීපෙන් ඉන්නවද ? දැන් සතුටුයි නේද? කියලා ඇහුවා” යැයි ද සාක්ෂිකරු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාර්ග ආරක්ෂණය සමාජගත කිරීම සඳහා රියදුරන්ට සන්නිවේදකයින් ලෙස ක්‍රියා කළ හැකියි- ඇමති බිමල්

මාර්ග අරක්ෂණ ජාතික වැඩසටහන යටතේ පෞද්ගලික අංශ සම්බන්ධ කරගනිමින් 100 for 100 වැඩසටහනඇරඹෙයි …! මාර්ග ආරක්ෂණ ජාතික වැඩසටහනේ පණිවිඩය සමාජ ගත කරන්න රියදුරන්, සන්නිවේදකයින් ලෙස...

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසමින් මහානාහිමිවරුන් ජනපතිට ලිපියක් යවා තිබෙනවා – නීතිඥ සංගමයේ සභාපති

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තමන්ට පැවසූ...

මාස 14ක් තිස්සේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් ස්ථීර ලෙස පත් කරලා නැහැ- ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (03) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් අපේ රටේ බන්ධනාගාර පද්ධතිය...

යෝෂිතට සහ හිටපු නාවික හමුදාපතිට අධි චෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img