Sunday, September 27, 2026
HomeNEWSඇෆ්ගනිස්තානයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 800 ඉක්මවයි

ඇෆ්ගනිස්තානයේ භූමිකම්පාවෙන් මියගිය ගණන 800 ඉක්මවයි

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කලාපයේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයකින් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවන බව වාර්තා වෙයි.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවය.ඇෆ්ගනිස්තානයේ ජලාලාබාද් නගරයට කිලෝ මීටර් 27ක් දුරින් පිහිටි ස්ථානයක රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගෙන තිබේ.ඒ එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.47ට පමණ.පොලෝ මට්ටමෙන් කිලෝ මීටර් 8ක් ගැඹුරේ ඇති වූ මේ භූකම්පනයෙන් නන්ගහාර් සහ කුනාර් යන ප්‍රාන්තවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබුණි.භූකම්පනයේ වැඩිම බලපෑමට ලක්වූ කුනාල් කලාපයේ සුන්බුන් අතර සිරවී සිටින සිය ගණන් පිරිස මුදාගැනීමට තලේබාන් පරිපාලනය දැඩි වෙහෙසක් ගනිමින් සිටී.බලධාරීන් පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ මරණ ගණන ඉහළ යාමේ අවස්ථාවක් පවතින බවය.අනතුරට මුහුණදුන් කුනාර් ප්‍රාන්තයේ ජනාවාසවලින් සියයට 90ක්ම කඳුකරයේ පිහිටා තිබීමත්, භූකම්පනයෙන් හටගත් නායයාම්වලින් නිවාස සහ මාර්ග පස්වලින් යටවී තිබීමත් හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් වඩාත් සංකීර්ණ වී ඇති බව වාර්තා වවෙයි.මේ අතර විපතට පත්වූවන්ට සහන සැපයීමට ඉදිරිපත්වන ලෙස තලේබාන් රජය දෙස් විදෙස් රජයන්ගෙන් සහ සංවිධානවලින් ඉල්ලීම් කර ඇති අතර, සෞඛ්‍ය සේවා කඩිනම් කිරීමට හෙලිකොප්ටර් යානා පවා යොදවා තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

චීනය හා ඇමරිකාව අතර එකඟතාවන් 8ක්

චීනය හා ඇමරිකාව එකඟතාවන් 8ක් ඉකුත් 23වැනි දා සිට 25වැනි දා දක්වා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇමරිකානු රාජ්‍ය සංචාරයකට එක්වුණා. එම කාලයේ දෙපාර්ශ්වය ද්විපාර්ශ්වික...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් පසු නේවාසික රෝගීන් පිරිසක් පොළොන්නරුව මහ රෝහලට මාරු කෙරේ

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය...

හිටපු නි. අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි

දිවංගත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ වන ශෙරින් තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වූ ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (27) දින, මතුගම...

පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමක්

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත. එමෙන්ම මෙම සිද්ධිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img