Wednesday, August 12, 2026
HomeNEWSමම සජබෙන් බේරාගත්තේ උඩ ඉන්න දෙවියෝ -හිටපු හමුදාපති සරත් ෆොන්සේකා

මම සජබෙන් බේරාගත්තේ උඩ ඉන්න දෙවියෝ -හිටපු හමුදාපති සරත් ෆොන්සේකා

මේ වන විට සමඟි ජන බලවේගයට සිදුව ඇති දේ දුටු විට තමන් උඩ ඉන්න දෙවියෙක් විසින් බේරා ගෙන ඇතැයි සිතෙන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.“ප්‍රබල දේශපාලන පක්ෂවලින් මම ගැලවෙනකොට හුඟක් අය හිතුවා මම දේශපාලන අනාථයෙක්. මම එම දේශපාලනය තේරුම් ගන්න බැරුව කරන වැඩක් තමයි කියල. අද සජබේ හිටියා නම් මම දෙවෙනියා හැටියට ඉන්නේ. ඒ විපක්ෂයට අත්වෙලා තියෙන ඉරණම, මේ වෙලාවේ ඒගොල්ලෝ කරන දේවල දකිනකොට මට හිතෙනවා මේ රට ආරක්ෂා කරන දෙවියෙක් හරි කවුරුහරි, මම ව්ශ්වාස කරනවා උඩ ඉන්න කවුරුහරි මව බේරාගත්තා කියල.එහෙම ඇදල දාපු නිසා තමයි අද මට මෙතන කකුල් දෙකෙන් හිටගෙන හිතට එකඟව ජනතාවගේ මුණූ බලාගෙන කතාකරන්න පුළුවන් වුණේ. එහෙම නැත්නම් මමත් මේ දවස්වල උසාවි ගානේ ගිහින් උද්ඝෝෂණ කර කර ඉන්න ඕනේ. එහෙම නැත්නම් එක එක දේවල්වලට අහුවෙලා මාංචු දාගන්න වුණ අය යන යන තැන්වල ගිහින් හිටගෙන ඉන්න ඕනේ. ඒගොල්ලෝ වෙනුවෙන් වොයිස් කට් දෙන්න ඕනේ.දැන් මට එහෙම කරුමයක් නෑ. මම හිතට එකඟව රට ගැන හිතල, ජනතාවත් එක්ක ඉඳගෙන දේශපාලනය කරනවා. විවෘත මනසකින් ඉදිරිය ගැන හොඳ අවබෝධයක් ඇතුව මම මේ වෙලාවේ දේශපාලනය කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න දන්නේ නැහැ -නාමල් රාජපක්ෂ

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න දන්නේ නැහැ -නාමල් රාජපක්ෂ 22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ....

රජයේ අරමුණ එක් පක්ෂයක් පාලනය කරන යුගයක් රටේ ඇති කිරීම-විපක්ෂ නායක සජිත්

රජයේ අරමුණ එක් පක්ෂයක් පාලනය කරන යුගයක් රටේ ඇති කිරීම මිස ජනතා ගැටලුවලට විසඳුම් දීම නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිමහත් බහුතරයක් ලංකාවේ...

සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න-ජනපති

මහාමාර්ග අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන් සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න ජනපති ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් වන කඩිනම්...

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු-දිනන දකුණ

දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම තරයේ හෙළා දකිමු! මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img