ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක ආරම්භයක් සිදුකරන බව සජිත් කියයි.
ජනතාවත් අපත් අතර ඇති කරගන්නා වූ සමාජ ගිවිසුම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපානය ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක ආරම්භයක් හැටියට හඳුන්වා දීමට කැමති බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමට එක් වීමෙන් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.
සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට එක්වෙමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා කළ කතාව
“ ජනතාවත් අපත් අතර ඇතිකරගන්නා වු සමාජ ගිවිසුම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක ආරම්භයක් හැටියට මම හදුන්වන්නට කැමතියි.
පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශණයකින් ගම්‍ය වන්නේ අනුගමනය කිරීමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති මාලාවයි. සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාවත් අපේ ගමනත් අතර මනා සම්බන්ධතාවයක් ඇති බව මෙහිදී පැහැදිලි කළ යුතුයි.
ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය පුරාවටම සෑම මැතිවරණ සමයකදීම විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශණ එලි දක්වනවා අපි දැකලා තියෙනවා. ඒ ඉදිරිපත් කරන වැඩසටහන් රාජ්‍ය බලය ලැබුනයින් පසුව ක්‍රමිකව අමතක කරනවා.
සම්ප්‍රදානුකූලව මෙතක් ක්‍රියාත්මක වූ ප්‍රතිපත්ති ප්‍රකාශණ එලිදැක්විමත් සමගි ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන ඒ වැඩපිලිවෙලත් දර්ශණයත් අතර වෙනසක් තිබෙනවා. අපි ක්‍රමිකව දිනවකවානු සහිතව සැලැස්මක් අනුව මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. මේ රටේ සමස්ථ ජනතාවත් සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම එහි සදහන්ව තිබෙන වචනවල පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රයෝගිකවම ක්‍රියාත්මක කිරීමට අපි සැදී පැහැදි සිටිනවා.
සමගි ජනබලවේගය අප රටේ නූතන අභියෝගවලට, ජනතා ප්‍රශ්නවලට විසදුම් සපයන දේශපාලන ප්‍රවාහයක් වනවා. අපි ප්‍රශ්න විසදන්නන් හැටියටයි ඉදිරිපත්වෙන්නේ.
ප්‍රජාතන්ත්‍රවාදි ඉතිහිසය තුළ රට පාලනය කල විවිධ පක්ෂ, විවිධ නායකයින් රටේ ජනතාවගේ ප්‍රශ්ණ වලට තිරසර විසදුම් ලබාදුන්නද කියන එක ගැන අපි ප්‍රශ්ණ කළ යුතුයි. අපි ඉදිරිපත්වෙලා තියෙන්නේ අභියෝග වලින් ප්‍රශ්ණ වලින් පැන යන්න නෙමෙයි. අපි ඉදිරිපත් වෙලා සිටින්නේ නැවුම් අදහස්වලින්, ඉදිරිය දකින දර්ශනයක් තුලින් රටට උචිත වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන්නයි.
අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණය නිර්මාණය කලේ ඉතාම පිරිසිදු ක්‍රමාණුකුල ක්‍රමවේද තුලින්. සති ගණනාවක් තිස්සේ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින්, විද්වතුන්, වෘත්තියවේදීන් ඇතුලු පිරිස් ඒකරාශී කරගනිමින් තමයි අපි මේ ප්‍රතිපතත්ති ප්‍රකාශණය ඉදිරිපත් කළේ.
අපේ රට මුහුන දෙන වර්ථමාන අභියෝගවලට විසදුම් ලබාදිමේ වැඩසටහන් මෙහි ඇතුලත් වෙනවා. කොරෝනා වසංගතය නිසා ආර්ථික, සමාජිය, ජාතික ආරක්ෂාව ඇතුලු සෑම ක්සේත්‍රයකම අභියෝග රැසක් නිර්මාණය වෙලා තියෙනවා. මේ නිර්මාණය වූ අලුත් අභියෝග පිලිබඳ අලුතින් හිතලා නිර්මාණශීලිව අපේ ප්‍රතිපත්ති සකස් කළා. ඒ තුලින් ප්‍රශස්ථ, ප්‍රබුද්ධ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න අපි අපේක්ෂා කරනවා.
කොරෝනා වසංගතය විවිධ අය විවිධ ආකාරයට විග්‍රහ කලා. කොරෝනා වසංගතය අපේ රටේ ජාතික ආරක්ෂාවට එල්ලවුනු බරපතලම මරු පහරක් විදියට මම සලකන්න කැමතියි. දැන් වර්තමානයේ ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍යමය ආරක්ෂාව, සමාජමය ආරක්සාව බරපතල අනතුරකට පත්වෙලා තිබෙනවා. හැම අතකින්ම අපිට නව අභියෝග එල්ලවෙලා තිබෙනවා.
කොරෝනා වසංගතයට ප්‍රයෝගික විසදුම් ලබාදීමට නොහැකිව අබල දුබල වි සිටින පාලකයන් පිදුරුගොඩවල්වලට ගිනිකූරු ගසා රට මහා ගිනිකන්දක් බවට නිර්මාණය කරමින් යනවා. ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් අන්තවාදයට ශක්තිය ලබාදෙමින් ඔවුන් කටයුතු කරනවා.
මේ ආකාරයට කොරෝනා වසංගතය නිසා ජාතික ආරක්සාවට බරපතල අභියෝග රැසක් එල්ලවෙනවා. මේ අභියෝගවලින් අපිට පැන යන්න බැහැ. අපි ඒවාට මුහුන දිය යුතුියි. ඒ ශකිතිය සමගි ජනබලවේගය සතුව තිබෙනවා.
මේ උද්ගතව තිබෙන සෑම අභියෝගයකටම මුහුන දීලා තිබුනටත් වඩා සංවර්ධිත ජවසම්පන්න සද්ධන්ත මාතෘභූමියක් බිහිකිරිමට කැපවෙන බවට මම මෙහිදී ප්‍රතිඥා දෙනවා.
දුර්වල අවිධිමත් පාලනයක් තුළ කොරෝනා වසංගතය පාලනය කිරිමට නොහැකි තතත්වයක් අද නිර්මාණය වෙමින් තිබෙනවා. කොරෝනා වසංගතය පාලනය කිරීම රටේ ඉදිරි ගමනේ ප්‍රමුඛතාවය විය යුතුයි.
තුන්කල් දකින කණ්ඩායමක් විදියට සමගි ජනබලවේගයේ අපි කොරෝනා වසංගතයෙන් ඇතිවිය හැකි අභියෝග පිලිබඳ කතාකලේ අද ඊයේ නෙමෙයි. කොරෝනා වසංගතයෙන් අතිවිය හැකි බයංකාර තත්වයන් පාර්ලිමේන්තුවටත්, රජයටත්, රටටත් අපි ඉදිරිපත්කලා. ඒවට තිරසර විසදුම් ඒ අවස්තාවලදි ලැබුනේ නැහැ.
රටේ ජාතික අවශ්‍යතාවයන්, රටේ ජාතික න්‍යායපත්‍රයේ ප්‍රමුඛතාව ලබාදිය යුතු කාරනා පැත්තකට කරලා වෙනත් පෞද්ගලික න්‍යායපත්‍ර ඉහලට ඇවිත් තිබෙනවා. කොරොනා වසංගතය පාලනය කිරීමට නොහැකිව සිටින මොහොතක දෙවැනි තුන්වැනි රැලිවලට රටක් විදියකට අපි කොහොමද මුහුන දෙන්නේ. කොහොමද අපි මේ ගැටලුව නිරාකරණය කරන්නේ කියන එක ගැන අපි බැලිය යුතුයි.
මිනිසා ජිවත්කරවමින් රට සැබෑ සෞභාග්‍යයක් කරා ගෙනයාමටත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය රටට මුසුකරගනිමින් ජාතික ආදායම රටේ සියලුම ජනකොටස්වලට සමසේ ප්‍රිතිලාභ බෙදියන ආර්ථික වර්ධනයක් අපි රටතුළ ක්‍රියාත්මක කරනවා. රටපුරා සෑම ග්‍රාමනිලධාරි කොට්ඨාෂයකම බෙදියන සංවර්දනයක් ගොඩනමින් අපේ රට දියුනු ලෝකය කරා ගෙනයනවා. පුලුල් සමාජ වෙනසක් අපි ඇති කරනවා.
රටක් පාලනය විය යුත්තේ විනයානුකූලවයි. මේ විනයානුකූල භාවය තුළ මනුස්කම, සොදුරු බාවය තියෙන්න ඕන. හිතක් පපුවක් ඇතිව ජනතා ප්‍රශ්ණවලට සංවේදිවෙමින් රට පාලනය කළ යුතුයි. මේ සංවේදිවීම මාධ්‍ය සංදර්ශණයකට සීමා නොකට විසදුම් සපයන්නා බවට රටේ රාජය නායකයා පත්විය යුතුයි.
අපි ඇතිකරගන්නා මේ සමාජ ගිවිසුම ජනතාව පිලිගත යුතුයි. සමගි ජනබලවේග රජයක් තුල අපි නිරන්තරයෙන්ම රට ගොඩනගන, ජනතා ප්‍රශ්ණවලට සත්‍යවාදි විසදුම් ලබාදෙන විසිහතර පැයේ නොනිදන රජයක් බිහිකරනවා. ශක්තිමත් විනය පද්ධතියක් තුලින් රටේ ජාතික සම්පත්, ජාතික ධනය ජනතාවගේත්, රටේත් සෞභාග්‍යය උදෙසා නිසිලෙස කළමනාකරණය කිරීමට කැපවෙනවා.
අනාගතයේදි රටට එල්ලවිය හැකි අභියෝග පිලිබඳ අවබෝධයක් රාජ්‍ය නායකයාට තිබිය යුතුයි. ඒවාට විසදුම් සපයන ක්‍රමෝපායික සැලසුමක් තිබිය යුතුයි. කාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණයක් තුලින් ජනතාවගේ හදගැස්ම හදුනන ගැටලු වලට විසදුම් ලබාදෙන ප්‍රබුද්ධ රාජ්‍ය පාලනයක් රටතුළ ගෙනියන්න අපි කැපවෙනවා.
නාස්තිය දූෂණය, වංචාවෙන් තොර කාර්යක්ෂම, විධිමත් රාජ්‍ය පාලනයක් ගෙනයාම සමගි ජනබලවේගයේ අපේ අරමුණයි. එක පවුලකට, එක කොට්ටාෂයකට සීමාවුනු රාජය පාලනයෙන් බැහැරව කුසලතාවය , දක්ෂතාවය, ප්‍රථිඵල මත පදනම්වූ රාජය පාලනයක් ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි.
පාලකයගේ වගකිම ගිනිකදු නිර්මාණය කිරිම නෙමෙයි. නිර්මාණය වෙමින් තිබෙන විවිධ ව්‍යසනකාරීතත්වයන් ක්‍රමිකව නිමාදැමීම පාලකයාගේ වගකීමක්වනවා. සෞභාග්‍යය, ආර්ථික වර්ධනය ගොඩනගමින් සද්ධන්ත ශ්‍රීලංකාවක් ගොඩනගන්න රටතුල අභ්‍යන්තර සමගිය අවශ්‍යයි. ඒ සමගිය අපි ශක්තිමත් කරනවා.
ඒකීය ශ්‍රී ලාකංවක් තුළ 13 වන සංශෝධනය හරහා බලය බෙදාදීමේ වැඩපිලිවලක් අපි ක්‍රියාත්මක කරනවා. එක එක්කෙනාගේ රුචි අරුචිකම් අනුව එක එක පැතිවලට වැනෙන රාජ්‍ය පාලනයක් සමගි ජනබලවේගයෙන් බලාපොරොත්තු වෙන්න එපා. අපිට ඉලක්ක තිබෙනවා. ඒ ඉලක්ක ජයගැනිමට දැන් අවශ්‍යව තිබෙන්නේ රටේ ජනතාවගේ ආශිර්වාදය ලබාගැනිමයි.
ජනතා වගකීම් ප්‍රශස්ථව ඉටුකරන්න අපි සූදානම්. එය ඉටුකිරීමේ ජනතා ආශිර්වාදය අපිට ලැබෙනවා කියා මම විශ්වාස කරනවා. මේ ගිවිසුම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ වැදගත්ම සමාජ ගිවිසුම බවට පත්වෙනවා කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි” යැයිද ඔහු එහිදි සඳහන් කලේය.
සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා :
“කොරෝනා වසංගතයෙන් පසු රටේ ආර්ථිකය සහ ජනතා ප්‍රශ්ණ විසඳමින් රට ගොඩන ආකාරය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණයට ඇතුලත් වෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය රටේ ජනතාව වෙනුවෙන් කැපකිරිම් කරන ආකාරය මෙහි ඉදිරිපත් කරලා තියෙනවා.
අපේ පක්ෂයේ දේශපාලන නායකයන්, විද්වතුන්, පාක්ෂිකයන් අදහස් අනුව රටට ගැලපෙන ප්‍රතිපත්ති ප්‍රකාශණයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ රටේ සමහර පක්ෂ බලයට පත්වුනහම ප්‍රතිපත්ති ප්‍රකාශණ වල ඇතුලත් කරුනු කුනු බක්කියට දාලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශණය අනුව කටයුතු කරමින් රට විජයග්‍රහනය කරා මෙහෙයවීමට අපි කැපවෙනවා”



































