තැපැල් ඡන්දය අති විශාල ප්‍රතිශතයක් පාවිච්චි කරලා… පොහොට්ටුවට 2/3ක් අනිවාර්යයි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බව එමගින් පෙන්නුම් කෙරෙන බවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි. අද පැවති මාධ්‍ය හමුවක දී මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ ය ප්‍රකාශ කිරීමට ජනතාව උනන්දු නොවන බවට විපක්ෂය කෙතරම් අසත්‍ය ප්‍රචාර ගෙන ගියද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව තුළ පෙරටත් වඩා විශාල උනන්දුවක් තිබෙන බවයි. මෙම කරුණු හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බහුතර බලයක් අනිවාර්යෙන්ම හිමිවන බවද පීරිස් මහතා ප්‍රකාශ කළේය.



























