පාඨලී ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි.
රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක්වීමට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ තුසිත කුමාර සහ වැලිකඩ පොලිසිය හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල යන මහත්තුරුන්ට අගෝස්තු මස 20 වැනි දින කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කෙරේ.






















