ඉන්දීය ණය ආධාර යටතේ ශ්රී ලංකාවට හිමිවන පළමු ඩීසල් රැගත් නෞකාව අද (20) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඩීසල් මෙට්රික් ටොන් 35,000ක් එම නෞකාවේ අන්තර්ගත බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.
මේ අතර අදත් ප්රදේශ රැසකට පැය 03යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබේ.
රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ප්රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දැමීමට සිදුව ඇත.
පිරවුම්හල් වෙත ප්රමාණවත් අයුරින් ඉන්ධන සැපයීම සිදුනොවීම නිසා ඇතැම් පිරවුම්හල් අසල පැය ගණනක් ගෙවමින් ඉන්ධන ලබාගැනීමට ජනතාවට සිදුව තිබේ.
මේ අතර දින 05ක පමණ කාලයක සිට මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති ඩීසල් හා ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවට ඩොලර් ගෙවීම හෙට (21) දිනය තෙක් කල්දමා ඇත.
එමෙන්ම බොරතෙල් නොමැතිවීමෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද සිට වසා තැබීමට සිදුවන බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.
ඒ අනුව බොරතෙල් සපයාගැනීමේ අර්බුදය හේතුවෙන් එම පිරිපහදුව වසාදැමෙන්නේ තුන්වන වරටය.






















