ඉහළ අස්වැන්නක් ලබා දෙන වී ගොවිතැන පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ඇරඹීමට යුනාන් කෘෂිකර්ම විශේෂඥයින්ට අගමැතිගෙන් ඇරයුම් …
හත් වැනි චීන – දකුණු ආසියා ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සංචාරක ආකර්ෂණය සහිත, කෘෂිකර්ම පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ ඩාලි සිටි,ගුෂෙන්ග් ගම්මානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණ මණ්ඩපය නිරීක්ෂණය සදහා අද( 2023.08.18) දින සහභාගි විය.
දෙමුහුන් සහල් වර්ග නිපදවන මෙම ආයතනය නිපදවූ සාමාන්‍ය වී අස්වැන්න මෙන් හතර ගුණයක අස්වැන්නක් ලබා ඇති නවතම වී ප්‍රභේදය අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.
මෙම නව වී ප්‍රබේදය වගා කිරීම සදහා වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය නොවන වියළි කලාපවලද ඉතා හොදින් වගා කළ හැකි බව පර්යේෂණ මණ්ඩපයේ උපකුලපති මහාචාර්ය Zhoo Jin මහතා එහිදී සඳහන් කළේය.
මෙම වී ප්‍රබේදය ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමට හැකිවන නිසා යුනාන් පළාතේ දුප්පත්කම තුරන් කිරීම සදහා මෙම වී ප්‍රබේදය වගා කර ඇතැයි Dali Canger Liuxiang කෘෂිකාර්මික සංවර්ධන සමාගමේ කෘෂිකර්ම විශේෂඥ කණ්ඩායමේ නායක ආචාර්ය He Yanghong මහතා පෙන්වා දුන්නේය.
නියමු ව්‍යාපෘතියක් ලෙස ඉහළ අස්වැන්නක් ලබා දෙන නව වී වගා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථානයක් පරීක්ෂා කිරීමට කණ්ඩායමක් එවන ලෙස අග්‍රාමාත්‍යවරයා කෘෂිකර්ම මණ්ඩපයට ආරාධනා කළේය.
පසුව අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා Gusheng ගම්මානයේ සහ පරිසර විද්‍යාව ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා වු Erhai හී සංචාරයක ද නිරත විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය






















