Tuesday, November 10, 2026
HomeNEWSශ්‍රමික සුබසාධනය වෙනුවෙන් පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය අමාත්‍ය මනුෂ...

ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය අමාත්‍ය මනුෂ නානායක්කාර අවධාරණය කරයි.

ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය අමාත්‍ය මනුෂ නානායක්කාර අවධාරණය කරයි

ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන් අමාත්‍යාංශ ගණනාවක් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධ කරගත් පුළුල් බහු පාර්ශවීය කාර්යසාධක බලකායක අවශ්‍යතාවය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී අධ්‍යයනයක් සිදු කරන ලෙසට අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද දිනයේදී අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඒ සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධාන තාක්ෂණික උපදේශක සහ ප්‍රාදේශීය ක්‍රියාකාරී සේවා ඒකකයේ ප්‍රධානී imon Brimblecombe සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ Mariko Ouchi එක්ව සිටි අතර එහිදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍යාංශය, සේවා යෝජකයින්ගේ සංගම්, වෘත්තීය සමිති ඇතුළු සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අතරම ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිරීක්ෂකයෙක් ලෙස කටයුතු කරමින් මෙම සාකච්ඡා සදහා වන ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කරනු ලැබුවේය.

විරැකියා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම, මාතෘ ප්‍රතිලාභ, ශ්‍රමිකයින්ට අදාල වන්දි මුදල් ලබාදීමේ ක්‍රමවේදයන් සහිතව පුළුල් කම්කරු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් මේ වන විට අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.

නීති පද්ධතියක් හරහා දේශපාලන පළිගැනීම් සිදුකිරීමට රජය කටයුතු කරනවා- විපක්ෂ නායක සජිත්

ජාතික ආරක්ෂාවේ නාමයෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස ලක්ෂ 220ක් ජනතාවට මූලික හා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img