Friday, September 18, 2026
HomeNEWSඋසස් පෙළ දරුවන්ට අමතර විනාඩි 10ක්

උසස් පෙළ දරුවන්ට අමතර විනාඩි 10ක්

හෙටින් (22) ඇරඹෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා නියමිත කාලයට අමතරව තවත් විනාඩි 10ක කාලයක් ලබාදීමට තීරණය කර තිබේ. 

රචනා ප්‍රශ්න පත්‍රය ලබා දී නියමිත පැය 3ක කාලය අවසන් වු පසුව එම අමතර විනාඩි 10ක කාලය සිසුන්ට ලබාදීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

ඔහු මේ බව පැසුවේ විභාග දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි. 

මීට අමතරව විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වු විභාග කොමසාරිස්වරයා,

“ඒක දෙන්නේ පැය 3ක ප්‍රශ්න පත්තරවලට. ප්‍රශ්න තෝරාගැනීම තියෙන ප්‍රශ්න පත්‍රවලට. අපි බහුවරණ ප්‍රශ්න පත්තරවලට නෙමෙයි දෙන්නේ. බොහෝ වේලාවට පැයක ප්‍රශ්න පත්‍රයක් කියන්නේ බහුවරණ. ඒකේ තෝරා ගැනීමක් නෑ. ප්‍රශ්න ඔක්කෝටම උත්තර ලියන්න ඕනේ. එතකොට කියවන්න ඕනේ නෑ කලින්. හැබැයි අර කියවලා ප්‍රශ්න තෝරාගැනීමේ දී අපි විනාඩි 10ක් අමතරව දීලා තියෙනවා. ඒ කියන්නේ අපි උදේ 8.30ට නම් දෙන්නේ අපි 11.40ට තමා පිළිතුරු පත්‍රය එකතු කරන්නේ. පැය 3යි විනාඩි 10ක් ලබාදෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘතවේ.

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ...

හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැවකට පහර දුන් බව ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ "ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි:...

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img