Monday, November 9, 2026
HomeNEWSඑක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ සහ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන 2024 දී නැවත ඇරඹීමට...

එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ සහ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන 2024 දී නැවත ඇරඹීමට පියවර…


එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ සහ ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන 2024 දී නැවත ඇරඹීමට පියවර…
ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියේ ආධාර වැඩසටහනේ 2 වැනි අදියර ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම පිළිබඳව බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් Lisa Whanstall මහත්මිය, බ්‍රිතාන්‍ය සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ෆ්ලෙමින්( Fleming) අරමුදලේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් 2023.08.23 දින කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
කොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ නතර කර තිබූ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රදාන වැඩසටහන 2024 ජනවාරි මාසයේ දී නැවත ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය වැඩබලන මහ කොමසාරිස් වරිය මෙහිදී පැවසුවාය. එය රෝගියාගේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති දැනුම් දීමට සහ නැගී එන තර්ජනවලට අනතුරු ඇඟවීමට මහජන සෞඛ්‍ය නිරීක්ෂණ සඳහා සහාය වනු ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ අනෙකුත් ආයතනවල සහාය ඇතිව ප්‍රදාන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි. මෙම වැඩසටහන යටතේ සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.
රටේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගමනයට ඉමහත් ප්‍රයෝජනවත් වන මෙම සෞඛ්‍ය සේවා වැඩසටහනේ ප්‍රතිලාභියා ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී එක්සත් රාජධානියට ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාව බ්‍රිතාන්‍ය ක්‍රමය මත ක්‍රියාත්මක වන බවත් එවැනි සෞඛ්‍ය සේවා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කිසිදු දුෂ්කරතාවයක් ඇති නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
බ්‍රිතාන්‍ය කවුන්සිලයේ මෙරට නේවාසික අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වර්ඩ් මහතා විසින් කවුන්සිලයේ ඉංග්‍රීසි භාෂා පුහුණු ක්‍රම පිළිබඳ ප්‍රකාශන මාලාවක් අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.
ග්‍රාමීය ප්‍රදේශවල තරුණ තරුණියන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය හඳුන්වා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා වැඩබලන මහ කොමසාරිස් කාර්යාලයෙන් සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් ඉල්ලා සිටියේය.
එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදලේ ආචාර්ය ජෙසිකා වොලිස් සහ වෛද්‍ය නේහා ගුලාටි, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන නිළධාරී ඇන්ඩෘ ප්‍රයිස් සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් දීපා ලියනගේ මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img