“රනිල් උත්තරය ද? ප්රශ්නය ද ?”
උත්තර ලංකා සභාගයේ සම්මන්ත්රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද(27) බත්තරමුල්ලේ දී
“රනිල් උත්තරය ද? ප්රශ්නය ද?” යන තේමාව යටතේ උත්තර ලංකා සභාගය පවත්වනු ලබන දීපව්‍යාප්ත සම්මන්ත්රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද(27) සවස 3:00ට බත්තරමුල්ල පිහිටි නගර සභා ශාලාවේදී පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රණයට කථිකයෝ ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු සෙසු පක්ෂ නායකයන් සහභාගී වීමට නියමිතය.
මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය
2023-08-27






















