Wednesday, November 11, 2026
HomeNEWSඑල්ලේ නායකයා ඝාතනය කිරීම - ලුතිනන් කර්නල්වරයෙක් ව රිමාන්ඩ් කෙරේ

එල්ලේ නායකයා ඝාතනය කිරීම – ලුතිනන් කර්නල්වරයෙක් ව රිමාන්ඩ් කෙරේ

මට්ටක්කුලිය ප්‍රදේශයේදී එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වරයකු හෙට (01) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මට්ටක්කුලිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල්වරයාව අද (30) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.ජේ ප්‍රභාකරන් මහතා හමුවට පමුණුවනු ලැබීය.

මට්ටක්කුලිය පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මට්ටක්කුලිය පොලිස් වසමේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව සඳහන් කළේය.

අදාළ මිනි මැරුම සිදුකිරීම සඳහා එම සැකකරුවන් මෙහෙයවීම එම ලුතිනන් කර්නල්වරයා විසින් සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් ඒ අනුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ සැකකාර ලුතිනන් කර්නල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයා උතුරු නැගෙනහිර ප්‍රදේශවල රාජකාරි කටයුතු සිදුකර ඇති හෙයින් බන්ධනාගාරය තුළදී ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img