Wednesday, November 11, 2026
HomeNEWSචමින්ද විජේසිරි ට එරෙහිව විනය පරීක්ෂණයක් ගැන සාකච්ඡා ?

චමින්ද විජේසිරි ට එරෙහිව විනය පරීක්ෂණයක් ගැන සාකච්ඡා ?

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි දේශපාලන දර්ශනය සම්බන්ධයෙන් එම පක්ෂයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (30) ඔහු මේ පිළිබඳව සඳහන් කළේය.

පසුගිය 28 වන දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චමින්ද විජේසිරි මහතා සඳහන් කර සිටියේ, “ආණ්ඩුවේ වැටීම පෙන්න පෙන්න ඒක අපේ දේශපාලන ගමන කියලා හදාගන්න උත්සහ දරනවා නම් ඒක තමයි විපක්ෂයේ අපේ වැටීම. අපිට දේශපාලන වැඩපිළිවෙලක් අවශ්‍යයි ඉදිරියට. අපි කියනවා සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුවේ වැරදි එක්ක ගමනක් යන්න හදනවා නම් ඒක දේශපාලන වශයෙන් රටේ ජනතාවට විහිළුවක්.” යනුවෙනි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා දැක්වුයේ මෙවන් අදහසකි.

“පක්ෂයක් කටයුතු කරද්දි සාමුහික මතය අනුව කටයුතු කරන්න ඕනේ. ආණ්ඩුව කරන වැරදි පෙන්නලා දීම තමයි විපක්ෂයේ කාර්යභාරය. විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවට කඩේ යන එක නෙමෙයි. මැතිවරණයක් එද්දි මැතිවරණ ප්‍රතිපත්ති. පක්ෂයේ මුලික ප්‍රතිපත්ති අපේ පක්ෂයේ දැනට තියෙනවා.”

ප්‍රශ්නය – එතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මොකද්ද ගන්න තීරණය ?

“එතුමාගෙන් මම ප්‍රශ්න කරනවා. ඇයි මේ වගේ ප්‍රකාශයක් කළේ කියලා. ඒ සම්බන්ධයෙන් ඇතුළේ බේරගෙන තිබුණා. ඔහු දක්ෂ මන්ත්‍රීවරයෙක්. නමුත් එතුමා ඒක නොකර හිටියා නම් හොඳයි හිතෙනවා. ඇතුළේ කරන්න ඕනේ එකක් එළියේ කරන්න ඕනේ නෑනේ.”

ප්‍රශ්නය – විනය පරීක්ෂණයක් කරනවා ද ?

“අපි ඒ ගැන සාකච්ඡා කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්

විදේශගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ගේ වෘත්තීය ආරක්ෂාව, නීතිමය අයිතිවාසිකම් සහ සුභසාධනය තහවුරු කිරීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන්, ජනාධිපති නීතිඥ, ගරු ෆයිසර් මුස්තෆා මැතිතුමා අද දින පාර්ලිමේන්තුවට...

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලෝකයේම මලල ක්‍රීඩකයින්ගෙන් 8 වෙනි ස්ථානයට

හෙල්ල විසි කිරීමේ ඉසව්වේ දැක්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩකයින් අතර අට වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වේ.

බල්ගේරියාවේ විශාල අනතුරක්.. 12 දෙනකු මරුට

බල්ගේරියාවේ - යම්බෝල්හි මාර්ගයක බස් රථයක් සහ ලොරි රථයක් ගැටී පසුව වාහක රැසක් දෙපසටම ගැටීමෙන් සිදුවූ රිය අනතුරු මාලාවකින් 12 දෙනෙකු මියගොස් විශාල පිරිසකට...

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img