Friday, November 6, 2026
HomeNEWSඔනේෂ්ගේ මරණය ගැන CCTVවලින් අලුත් සාක්ෂියක්

ඔනේෂ්ගේ මරණය ගැන CCTVවලින් අලුත් සාක්ෂියක්

ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයකදී අබිරහස් ලෙස මියගිය මෙරට පොහොර ආනයන සමාගමක් වන ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ, කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.

ජකර්තා පොලීසිය පවසන්නේ ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය ඝාතනයක් බවට සැක කෙරෙන බවය.

ඔහු මෙලෙස මරණයට පත්ව ඇත්තේ සිය බ්‍රසීල ජාතික බිරිඳ, දියණිය සහ තවත් කාන්තාවක් සමග කෙටි නිවාඩුවක් සඳහා ඉන්දුනීසියාවේ විනෝද චාරිකාවක නිරතව සිටි අතරතුරය.

ඔනේෂ් සුබසිංහ මහතා, සිය බ්‍රසීල ජාතික බිරිඳ වන රෝසා සිල්වා, සිව් හැවිරිදි දියණිය සහ බ්‍රසීල ජාතික මෙහෙකාර කාන්තාව සමඟ ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් තිබුණේ ඉකුත් ජනවාරි 20 වනදාය.

ඔවුන් ජකාර්තාහි මහල් නිවාස සංකීර්ණයක නැවතී ඇත්තේ තාවකාලික පදනමිනි.

ඔහු ව්‍යාපාර කටයුතු වෙනුවෙන් සිය කාර්යාලයේ නිලධාරීන් සමග එරට සිට වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ වී තිබුණත් ජනවාරි 31 වනදා සිට ඔවුන්ට ඔහුව සම්බන්ධ කරගැනීමට හැකිව නොමැති බව අනාවරණය වී තිබේ.

මෙවන් පසුබිමක ජකාර්තාහි මහල් නිවාස සංකීර්ණයේ සුබසිංහ මහතා සිටි නිවාසය වසා දමා තිබීම ගැන සැක සිතී එහි සේවකයින් දොර විවෘත කර බැලීමේ දී ඔහුගේ මළ සිරුර එහි තිබී සොයාගෙන ඇත.

මේ පිළිබඳව එහි පාලනාධිකාරිය ඔනේෂ් සුබසිංහ මහතාගේ මෙරට පෞද්ගලික ලේකම්වරිය වෙත පෙබරවාරි 03 වනදා දැනුම් දී තිබුණි.

නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය සීසීටීවී පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ ජනවාරි 31 වන අඟහරුවාදා ඔනේෂ් සුබසිංහ මහතාගේ බිරිඳ, සිව් හැවිරිදි දියණිය සහ මෙහෙකාර කාන්තාව එහි දොරෙහි “DON’T DISTURB” යන පුවරුව එල්ලා ඉන් පිටව යන ආකාරයයි.

කෙසේවෙතත් ඔවුන් මේ වන විට රැඳී සිටින ස්ථානය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img