Tuesday, November 10, 2026
HomeNEWSඔබේ දරුවාත් ජංගම දුරකතනයක් භාවිත කරනවා ද ? අනිවාර්යයෙන්ම මේක බලන්න

ඔබේ දරුවාත් ජංගම දුරකතනයක් භාවිත කරනවා ද ? අනිවාර්යයෙන්ම මේක බලන්න

මානව සම්බන්ධතා වර්ධනය කිරීම හා දැනුම සොයායෑමේ මාධ්‍යයක් ලෙස මිනිස් අතට පැමිණි ජංගම දුරකතනය වර්තමානය වන විට දැඩි සමාජයීය ගැටලු මතුකර තිබේ.

ළමා සහ තරුණ මනස් තුළ සිතුවිලි හා ආකල්ප වර්ධනයකින් තොරව හුදු වින්දනය පමණක් පෙරදැරිකර ගත් TIK TOK මේ වන විට ශ්‍රී ලාංකා සමාජය වෙළාගෙන අවසන් වී ඇත.  

වැඩිහිටියන්ගේ අධීක්ෂණයක් නොමැති වූ විට විවිධ ඇප් භාවිත කරන යෞවනයන් ආවේගශීලී විය හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් මහතා පවසයි.

විශේෂඥ මනෝ වෛද්‍ය රූම් රූබන් මහතා 

“වැඩිහිටියන්ගේ අධීක්ෂණයක් නොමැතිව වුණාම නව යෞවනයන්ට මෙවැනි ආකර්ශනිය ඇප් එකක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා හොඳ අවබෝධයක් නැතිවෙන්නට පුළුවන්. යහළු යෙහෙළියන් සමග තිබෙන ගැටුම් නිසා එසේ නොමැතිනම් ආදර සම්බන්ධතාවල ඇති ප්‍රශ්න නිසා, මේ අය ආවේගශීලී වෙන්නට පුළුවන්. ජීවිත නැතිකරන්න පවා, එසේත් නැතිනම් තමන්ට හිංසා කර ගැනීමට පවා උත්සහකරන අවස්ථා ඇති වෙන එක ස්වාභාවික දෙයක්.”

මේ අතර ළමා හා තරුණ පරපුර මානසික වියවුල් කරා ද, එතැන් සිට මරණය දක්වා ද ගෙන යන්නා වු ප්‍රමුඛයෙකු බවට වර්තමානයේ TIK TOK පත්ව තිබේ.

එවැනි වටපිටාවක් තුළ එහි තවත් එක් ශෝකාන්තයක් ඊයේ දහවල් මාදම්පිටියේදී දිගහැරෙන්නේ නව යොවුන් වියේ පසුවන ළමයෙකුට දිවි අහිමිකරමිනි. 

මෙම ටික් ටොක් වීඩියෝවේ හිමිකරුවා වූ 17 හැවිරිදි මොහොමඩ් අබ්දුල් ලතිෆ් තමා පදිංචි සේදවත්තේ සිට ඊයේ දහවල් සිය සොහොයුරා සේවය කරන ස්ථානයට යන්නේ, ඔහුට දිවා ආහාරය ලබාදීම සඳහායි. 

ඔහුගේ මිතුරන් කිහිපදෙනකු ද එම ගමනට එක්වෙයි. 

සහෝදරයාට දහවල් ආහාර දී යළි නිවසට එන අතරේදී අබ්දූල් ටික් ටොක් වීඩියෝවක නිරතවී ඇත. 

එහිදී එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් අබ්දූල්ට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ. 

පොලිසිය පැවසුවේ එම පිහි ඇනුමටද හේතුවී ඇත්තේ ටික් ටොක් වීඩියෝවක් සම්බන්ධයෙන් ඇතිකර ගත් ආරවුලක් බවය.

පොලිසිය පවසන්නේ, සැකකරු මේ වන විටත් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය. 

දරුවන්ගේ  ජංගම දුරකතන භාවිතය වැඩිවන්නේ, කොවිඩ් වසංගතයත් සමග ඔවුන් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා යොමුවීම හේතුවෙනි.

ජංගම දුරකතන දරුවන් අතට පත්වීමත් සමග ඇති වූ ඇතැම් සිද්ධීන් මරණයෙන් කෙළවර වුණි. 

එහි ආසන්නතම සිද්ධිය පසුගිය මස 30 වනදා කරුවලගස්වැව සියඹලෑව ගම්මානයෙන් වාර්තා වූ අතර 15 හැවිරිදි පාසල් සිසුවියක් ළිඳට පැන සිය දිවි නසාගැනීමය. 

ඒ, ජංගම දුරකථනය හරහා ඇති වූ ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගනිමිනි. 

එමෙන්ම පසුගිය වසරේ අගෝස්තු මස මාතර පදංචි ළමයෙකු සියදිවි හානි කරගන්නේ, ක්‍රීඩාවේ යෙදීම සඳහා මව ජංගම දුරකතනය ලබානොදීම හේතුවෙනි. 

මේ හරහා සිදුවන සමාජ බලපෑම වැලැක්වීම සඳහා අමෙරිකාව, ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල් දැනටමත් ඇතැම් ජංගම දුරකතන ක්‍රීඩා මෙන්ම TIK TOK වැනි මෘදුකාංග භාවිතය තහනම්  කර තිබේ. 

නමුත්, මේ දක්වා ශ්‍රී ලංකාව තුළ විධිමත් සමාජ මාධ්‍ය නියාමනයක් සිදුව නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රනිල්ගේ රජය යටතේ අඩුව පැවති අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල වර්තමානයේ දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා-රාජිත

- ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය ඊයේ (09) කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න...

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ

ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ. නොවැම්බර් 09 සිට 14 දක්වා විශේෂ ඩෙංගු මර්දන සතියක්. ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව...

වීරත්වය යනු රට වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටු කිරීමක්- මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ

වීරත්වය යනු පුරවැසියෙකු රට දැය සමය වෙනුවෙන් විශේෂිත යුතුකමක් ඉටුකිරීම බවත් එය ඉතිහාසය තුළ සදාකාලික මතකයක් වනු ඇති බවත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ...

2026 බුකර් ත්‍යාගය එම්. ජෝන් හැරිසන්ගේ “The End of Everything” කෘතියට

2026 බුකර් ත්‍යාගය සඳහා බ්‍රිතාන්‍ය ජාතික ලේඛක එම්. ජෝන් හැරිසන්ගේ (81) "The End of Everything" කෘතිය නම් කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img