Tuesday, September 15, 2026
HomeNEWSඔරුගොඩවත්ත හංදියේ බිහිසුණු අනතුරක්

ඔරුගොඩවත්ත හංදියේ බිහිසුණු අනතුරක්

ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක මෙහෙයුම් කළමනාකරුවෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාලිගාවත්ත හංදියේදී අද (27) අලුයම යතුරුපැදි දෙකක ගැටීමෙන් එක් අයකු මියගොස් පොලිස් නිලධාරීයෙකු ඇතුළු දෙදෙනෙකු බරපතළ තුවාල ලැබූ බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙකු ලෙස කටයුතු කළ 52 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාල ලබා ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් වි. ජෙගනාදන් හා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක පුද්ගලයෙකි. 

දෙමටගොඩ බේස්ලයින් මාර්ගයේ ඔරුගොඩවත්ත හන්දිය අසල අවිස්සාවේල්ල මාර්ගයට යොමු කිරීම සඳහා මාර්ග සංඥා දැල්වෙන තෙක් නතර කර තිබූ යතුරු පැදි දෙකක පිටුපසින් බොරැල්ල දෙස සිට පැමිණි සැකකාර පුද්ගලයා පැදවූ මෝටර් රථය ගැටී තිබුණි.

ඒ සමගම එම යතුරුපැදිය මිටර් හතළිහක් පමණ ඉදිරියට ලිස්සා ගොස් රථ වාහන රාජකාරියෙහි යෙදීසිටි කොස්තාපල්වරයාගේ ඇඟෙහි ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img