Friday, November 6, 2026
HomeNEWSවිදුලිය සැපයීමේ එකඟතාවය ගැන මත ගැටුමක්

විදුලිය සැපයීමේ එකඟතාවය ගැන මත ගැටුමක්

උසස් පෙළ විභාග සමයේ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ඉන්ධන ලබාදීමට තම නිලධාරීන්ගේ මතයට ගරු නොකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අත්සන් ලබාගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා චෝදනා කරයි.

අමාත්‍යාංශ ලේකම්වරයා මෙලෙස චෝදනා එල්ලකරනු ලබන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමිනි. 

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, මහජන උපයෝගීතා කොමිසම සහ රාජ්‍ය බැංකු එකඟතාවය පළ කළ බව මානව හිමිකම් කොමිසම පසුගිය 25වනදා නිවේදනය කළේය.

කෙසේවෙතත් මානව හිමිකම් කොමිසම ඊයේ සඳහන් කළේ එම එකඟතාවයන් කඩකරන්නේ නම් එකඟතාවය පළ කළ පාර්ශ්වයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේදී
නඩු පවරන බවය.

ඒ අනුව ඊයේ දිනයේදීත් විදුලිය විසන්ධි කිරීම් සිදුකෙරුණු අතර උසස් පෙළ සිසුන් මහත් දුෂ්කරතාවයට පත්වී තිබුණි.

මෙවැනි තත්ත්වයක් තුළ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ඉල්ලා සිටින පරිදි එකඟතාවයක් ලබාදිය නොහැකි බවට කරන ලද ඉල්ලීමට නිසි සැලකිල්ලක් සහ ගෞරවයක් ලබාදී නොමැති බවය.

එමෙන්ම හුදෙක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ඒකපාර්ශ්වීය තම මතය වෙත නිලධාරීන්ගේ අනුමැතිය ලබාගත් බව නිලධාරීන් තමා වෙත වාර්තා කළ බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා යැවු ලිපියේ සඳහන් වෙයි.

මේ අතර විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, රාජ්‍ය බැංකු සහ මහජන උපයෝගිතා කොමිසම පසුගිය 25 වනදා එළඹි එකගතාවන් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බව මානම හිමිකම් කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img