කටානේ ව්‍යාපාරිකයාගෙන් කෝටි 3ක් කොල්ලකන්න ආපු හැටි – CCTV දර්ශන සහිතයි
කටාන, අක්කරපනහ ප්‍රදේශයේ දී රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් කොල්ල කා තිබේ.
ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් කොල්ලකෑම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
කොල්ලකරුවන් විසින් ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මුදල් කොල්ලකෑම සිදුකර ඇති අතර, ඔවුන් කොල්ලය සිදුකිරීමට පැමිණි අයුරු සීසීටීවි කැමරාවක සනිටුහන්ව තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටාන පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.






















