බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය යුවළක් අත්අඩංගුවට
කොළඹ, මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු බැලීමට ගිය යුවළක් බන්ධනාගාර බුද්ධි අංශය විසින් හෙරොයින් පැකට් 8ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලීසියට බාරදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.






















