Friday, April 24, 2026
HomeNEWSකටුනායක ගුවන්තොටුපොලට පැමිණෙන මගී ජනතාවට 24 × 7 මගී බස් රථ...

කටුනායක ගුවන්තොටුපොලට පැමිණෙන මගී ජනතාවට 24 × 7 මගී බස් රථ සේවාවක්

*කටුනායක ගුවන්තොටුපොලට පැමිණෙන මගී ජනතාවට ඊයේ සිට 24 × 7 මගී බස් රථ සේවාවක් ඇරඹේ*…ගුවන්තොටුපොළට පැමිණෙන ජනතාව සඳහා පොදු ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය සපුරාලීම සඳහා වූ මූලික පියවරක් ලෙස අද දින සිට ගුවන්තොටුපොළ තුල සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් ඇරඹේ. මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථය අද දින සිට ගුවන්තොටුපොළින් ගමන් ඇරඹේ. මෙම සේවාව 24 × 7 සේවාවක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය. දැනට පුද්ගලික අංශය සතු බස් රථ ධාවනයේ යෙදවීමට නියමිත අතර ඉදිරියේ දී ගමන් මලු රැගෙන යාමේ පහසුව සහිත බස් රථ මෙම ‍සේවය සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසා සිටින ලදී. මෙම සේවාව සපයන බස් රථ වල සේවය කරනු ලබන සේවක මහතුන් හට ජනතා හිතවාදී සේවයක් සැපයීම සඳහා වූ නිසි පුහුණුවක් ලබා දීමෙන් පසුව මෙම සේවයේ යොදවනු ලැබේ. රුපියල් 290 ක් වැනි මුදලකට කටුනායක සිට කොළඹ බලා සුවපහසුවෙන් පැමිණීමේ අවස්ථාව අද සිට මගී ජනතාවට හිමි වේ. ගුවන්තොටු‍පොළ අධිකාරිය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රජයේ මඟ පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සාර්ථකව ආරම්භ කිරීමට හැකි විය. -මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img