Friday, April 24, 2026
HomeNEWSරටවල් 12ක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීමට ට්‍රම්ප්ගෙන් තහනමක්.

රටවල් 12ක පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීමට ට්‍රම්ප්ගෙන් තහනමක්.

රටවල් 12 ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබා තිබේ.ඔහු පවසා ඇත්තේ “විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මෙලෙස ක්‍රියා කළයුතු බවය.එසේ තහනමට ලක් වු රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ඇක්වටෝරියල් ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන තවත් රටවල් හතක පුද්ගලයින්ට ඇතුළුවීම අර්ධ වශයෙන් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.සිය X ගිණුමේ වීඩියෝවක් පලකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ “අපට හානියක් වෙනවාට කැමැත්තෙන් සිටින පුද්ගලයින්ට අපගේ රටට ඇතුළු වීමට අපි ඉඩ දෙන්නේ නෑ,” යනුවෙනි.එමෙන්ම ඔහු පවසා ඇත්තේ අදාළ ලැයිස්තුව සංශෝධනය විය හැකි බවත් එම ලැයිස්තුවට තවත් රටවල් එකතු විය හැකි බවත්ය.මෙම ක්‍රියාමාර්ග 2025 ජුනි 09 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එම දිනයට පෙර නිකුත් කරන ලද වීසා අවලංගු නොකරන බව නියෝගයේ සඳහන් වේ.ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළද බහුතර මුස්ලිම් රටවල් හතක සංචාරකයින් සඳහා තහනමක් ප්‍රකාශයට පත් කළ අතර, ට්‍රම්ප්ගෙන් පසු බලයට පත් වූ හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් 2021 දී එම තහනම අවලංගු කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img