Friday, April 17, 2026
HomeNEWSකන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය තවත් පුළුල් වෙයි.

කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය තවත් පුළුල් වෙයි.

*කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය තවත් පුළුල් වෙයි*තිස් වසරක යුධ ගැටුම් හේතුවෙන් විනාශ වී ගිය කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය නැවත යථාතත්තවයට පත් කර වසර 10ක් ගෙවී ඇත. මේ වන විට දුම්රිය ධාවන කටයුතු ද යථාතත්තවයට පත්වී ඇති අතර තවදුරටත් පුළුල් සේවාවක් ඉටුකිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය හා දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියි.අද (08) දින කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයන යෙදුණ අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ කන්කසන්තුරෙයි ඉදිවන කර්මාන්තපුරය දක්වා මෙම දුම්රිය මාර්ගය දිගු කිරීමට කටයුතු කරන බව හා ඒ තුළින් මගී ජනතාවට මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද වැඩි පහසුකම් සැළසෙන බවයි. දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමෙන් භාණ්ඩ ප්‍රවාහනයට වැඩි ඉඩක් ලබාදීම අපේක්ෂාව වුවත් මෙතෙක් මෙම දුම්රිය ස්ථානයේ භාණ්ඩ භාරගැනීම සහ ගබඩා කිරීම සඳහා පහසුකම් නොතිබුන බව ද සඳහන් කලේය. අද දින සිට ආරම්භ කරන ලද භාණ්ඩ ප්‍රවාහන කටයුතු හේතුවෙන් මහජනතාවට විශාල පහසුවක් හා ලාභදායී සේවාවක් බවට පත්වන බව ද මෙහිදී අමාත්‍යවරයා පවසන ලදී. තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා යාපනය පළාලි ගුවන්තොටුපොළ දක්වා සහ සියලු මාර්ග මේ වනවිට විවෘත කර ඇති බවත් ඒ නිසා මඟී ජනතාවට ප්‍රවාහන පහසුකම් විධිමත් පරිදි ඉටුකිරීම සඳහා දුම්රිය සේවාව මෙන්ම බස් සේවාව ද ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒම වැදගත් බව ද ඒ සඳහා කඩිනමින් කටයුතු කරන බව ද පැවසීය. කන්කසන්තුරෙයි සිට දුම්රිය මාර්ගය දිගු කිරීනෙන් ඉන්ධන ප්‍රවාහනය සඳහා අවස්ථාව සැලසෙන බව ද තව දුරටත් වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනයට ඉඩ සැලසෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ය. මෙම නිරීක්ෂණය සඳහා රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා ද සහභාගී වූ අතර දුම්රිය ස්ථානයේ රුක් රෝපණය කිරීමත් පුස්තකාලය විවෘත කිරීමත් ඔවුන් අතින් සිදුවිය. දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද මේ සඳහා සහභාගි විය.-මාධ්‍ය අංශයප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගිනි අවි සමග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුවට

වරෙන්තුවක් මත නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ 221 ක්, අත්බෝම්බයක් සහ ටී - 56 මැගසින් 2 ක් සමඟ හිටපු පා. ම. චන්දන කත්‍රිආරච්චි කොළඹ...

ජනපති මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදකී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරු බැහැදැක උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට ආශිර්වාද ලබා ගත්තේය. මල්වතු මහා...

ඉරානයෙන් පිටත් වූ නෞකා දෙකකට හෝමුස් තරණයට අමෙරිකාවෙන් බාධා

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පිටවීමට උත්සාහ කළ තෙල් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට අමෙරිකානු නාවික හමුදා ප්‍රහාරක නෞකාවක් සමත්ව තිබේ. එම නෞකා ඉරානයේ චබහාර් සිට...

ට්‍රම්ප් තමන්ව ජේසුස්ට සමාන කර ගනී

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර තිබේ. පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img