Sunday, May 3, 2026
HomeNEWSLatest Newsකර්මාන්තශාලා පවත්වාගෙන යෑමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

කර්මාන්තශාලා පවත්වාගෙන යෑමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්

දිවයින පුරා ආයෝජන මණ්ඩලය (Board of Investment) යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ශාලාවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත්කර තිබේ.

ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ,  එම්.කේ.ඩී ලෝරන්ස් මහතා ප්‍රකාශ කළේ කර්මාන්තශාලා මුළුමනින්ම වසා දැමුවහොත් එය මෙරට අපනයන ආදායමට බරපතල බලපෑමක් එල්ලකරන බැවින් සෞඛ්‍යාරක්ෂිතව එම කටයුතු පවත්වාගෙන යාම සඳහා උපදෙස් දී ඇති බවය.

ආයෝජන මණ්ඩලය යටතේ දිවයින පුරා  මේවනවිට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 1800කට ආසන්න වේ. 

පසුගිය වසරේ ආර්ථික දත්තවලට අනුව මෙරට අපනයන ආදායමෙන් 70%ක ප්‍රමාණයක් උපයාගෙන ඇත්තේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති හරහා වන අතර එය සංඛ්‍යාත්මකව අමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් වේ.

කොවිඩ්-19 අධි අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම්කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ කලාප 05ක් පවතින අතර ඒ කටුනායක, බියගම, මල්වත්ත, වතුපිටිවල සහ මීරිගම යන වෙළෙඳ කළාප දැක්විය හැකිය.

එම වෙළෙඳ කළාප තුළ 80,000කට අධික සේවක සේවිකාවන් සංඛ්‍යාවකට රැකියා අවස්ථා සළසා දී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි ආයෝජන කළාපවලට අමතරව එම කළාපවලින් බාහිරව ද තවත් කර්මාන්තශාලා 350කට අධික සංඛ්‍යාවක් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත් ආයෝජන මණ්ඩලයේ වෙළෙඳ කලාප තුළින්ද ආසාදිතයින් හඳුනාගැනුනු පසුබිමක වුවද අදාළ වෙළෙඳ කලාප සම්පූර්ණයෙන්ම නොවසා තැබීමට ආණ්ඩුව පියවර ගත්තේය.

කර්මාන්තශාලාවල කටයුතු නවතා දැමීමට නොහැකි පසුබිමක එම කර්මාන්තශාලා තුළ වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනම මාර්ගෝපදේශ මාලාවක් ලබාදී තිබේ.

ඒ අනුව, කොවිඩ්-19 පැතිරයාම වළක්වාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදී ඇති මුඛ ආවරණ පැළඳ සිටීම, නිරන්තරයෙන් සබන් යොදා දෑත් සේදිම සහ ශාරීරික දුරස්ථභාවය පවත්වාගැනීමට අමතරව තවත් මාර්ගෝපදේශ ගණනාවකට අනුගතවීමට කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට උපදෙස් දී තිබේ.

නිෂ්පාදන කාර්යය සඳහා යොදාගනු ලබන යන්ත්‍ර සූත්‍ර මතුපිට දිනකට අවස්ථා කිහිපයකදී මධ්‍යසාර අන්තර්ගත දියරයකින් පිරිසිදුකර විෂබීජහරණය සිදුකළ යුතුවේ.

ඊට අමතරව දිවා ආහාරය අතරතුරදී ආපනශාලාවල රැඳීසිටීමට අවසර හිමිවන්නේ මීටරයක පරතරයක් පවත්වාගනිමිනි. 

එමෙන්ම සැකසහිත රෝග ලක්ෂණ සහිත සේවකයෙක් හමුවූ විගස ඔහු හෝ ඇය වහාම කර්මාන්තශාලා පරිශ්‍රයේම පෞද්ගලික වැසිකිළි පහසුකම් ද ඇති කාමරයක නිරෝධායනයට යොමුකර එම අවස්ථාවේ ම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කළ යුතු වේ.

කර්මාන්ශාලා තුළට ස්වභාවික පිරිසිඳු වාතාශ්‍රය ලැබෙන පිරිදි අවශ්‍ය වෙනස්කම් සිදුකරන ලෙස සහ සේවයට වාර්තාකරන සියලු සේවක සේවිකාවන්ගේ තොරතුරු පහසුවෙන් හඳුනාගත හැකි පරිදි විස්තර පත්‍රිකාවක් පවත්වාගෙන යන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර ඇත.

අත්‍යාවශ්‍ය නොවන පුහුණු වැඩසටහන් සියල්ල අවලංගු කළ යුතු බවට ද මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

සියලුම දොරවල් විවෘත කිරීමේදී ස්පර්ශවන කොටස සෑම පැය තුනකට වරක්වත් විෂබීජහරණයට ලක්කරන ලෙස සහ මුඛ ආවරණ ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩිලෙස අනුගමනය කිරීම ද අනිවාර්යයෙන් කළ යුත්තක් වෙයි. 

විදෙස්ගතවීමෙන් පසු කර්මාන්තශාලාවට පැමිණෙන ඕනෑම අයෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් නිකුත් කරන නිරෝධායන සහතිකයක් නොමැතිනම් කර්මාන්තශාලාව තුළට කැඳවීම නොකළ යුතු බව ද සඳහන් වේ. 

කොවිඩ්-19 ආසාදිතයෙක් හඳුනාගතහොත් ආයතනය තුළ ඔහුගේ හෝ ඇයගේ සමීපතමයින් සියලුදෙනා නිරෝධායනයට යොමුකළ යුතු අතර ඔවුන්ගේ PCR පරීක්ෂණවලින් අසාදිතයින් ලෙස හඳුනානොගත්ත ද නිසි දින 14 ක කාලය සම්පූර්ණවීමට පෙර ඔවුන් කිසිවෙක් යළි සේවයට කැඳවා නොගතයුතු බවද මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ .

කර්මාන්තශාලාව තුළ කොව්ඩ්-19 ආසාදිතයෙක් හඳුනාගත් අවස්ථාවක ආසාදීතයා ඊට පෙර පැය 48 තුළ ගමන්කළ සියලු ස්ථාන විෂබීජහරණය සඳහා වසාදැමිය යුතුවේ.

සේවකයින් කිහිපදෙනෙක්ම කොවිඩ්-19 අසාදිතයින් බවට හඳුනාගැනුණහොත් සම්පූර්ණ ගොඩනැගිල්ලම පැය 48ක කාලයකට වසා තබා විෂබීජහරණය සිදුකළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශ නිකුත්කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img