Sunday, May 3, 2026
HomeNEWSකොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

කොවිඩ් අවදානම මැද උසස් පෙළ විභාගය සාර්ථකව අවසන් වෙයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (06) අවසන් වෙයි.

පසුගිය ඔක්තෝබර් මස 12වන දා සිට දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2648කදී උසස් පෙළ විභාගය පැවැත්වුණි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

කොවිඩ් -19 අවදානම හමුවේ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශවල උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අතිරේක විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

එමෙන්ම කොවිඩ් – 19 ප්‍රතිකාර මධ්‍යස්ථායක් වු IDH රෝහලේ සහ නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක ද මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමට සිදුවු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.

කොවිඩ් – 19 අවදානම මධ්‍යයේ වුවද මෙවර උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට හැකි වු බව හෙතෙම සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img