Tuesday, September 15, 2026
HomeNEWS‘‘කවුරු ෆුල්ස්ටොප් තිබ්බත් පාස්කු ප්‍රහාරය ගැන අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරනවා‘‘ - නිරෝෂන්...

‘‘කවුරු ෆුල්ස්ටොප් තිබ්බත් පාස්කු ප්‍රහාරය ගැන අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරනවා‘‘ – නිරෝෂන් පෙරේරා.

‘‘කවුරු ෆුල්ස්ටොප් තිබ්බත් පාස්කු ප්‍රහාරය ගැන අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරනවා‘‘ – නිරෝෂන් පෙරේරා

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම නැවත්වීමට හැකි වන්නේ තව අවුරුද්දකට පමණක් බවත් සමගි ජනබලවේග රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පොරොන්දුවක් ලබාදී තිබෙන බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.

පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර සහය ලබාගැනීමට විපක්ෂය කටයුතු කිරීම හරහා රජය කලබල වී තිබෙන බවත් වැඩියෙන්ම පොහොට්ටුව නියෝජනය කරන පිරිස් කලබලවී තිබෙන බවත් විපක්ෂයට මඩ ප්‍රහාර එල්ල කර පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ නවත්වන්න නොහැකි බවත් ඒ මහතා හෙතෙම කීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නිරෝෂන් පෙරේරා මහතා පවසා සිටියේ පොලිස්පති තනතුර සඳහා ජනාධිපතිවරයා සහ පොහොට්ටුව ඇතුළේ කඹ ඇදිල්ලක් තිබෙන බවත් ඒ තුළින් රටේ ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බවත්ය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මේසේ පැවැසීය.

‘‘සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා පාස්කු ප්‍රහාරය ගැන විමර්ෂන කඩිනම් කරලා පිලිගතහැකි විමර්ශනයක් කරන්න කියලා. ඒ විමර්ශන වලට ජාත්‍යන්තර සහය ලබා ගන්නා ලෙසද පාර්ලිමේන්තුවේදී පැවසුවා. නමුත් ජනාධිපතිවරයා සහ රජය එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවක් පෙනෙන්න තිබෙනවා.

ජනාධිපතියරයා ජර්මනියේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පර්යේෂණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කර තිබුණා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වලට ජාත්‍යන්තර සහය ලබා ගන්න ජනාධිපතිවරයා 2022 දී පොරොන්දු වුණා. නමුත් අවුරුද්දකට පස්සේ ජනාධිපතිවරයාගේ එම තීරණය වෙනස් වෙලා තිබෙනවා.

රටේ නීතිය අනුව එවැනි ජාත්‍යන්තර පරීක්ෂණ කරන්න බැ කියලා නීතියක් දාන්න හදනවා. නමුත් 1993 ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ සහය ඇතිව ඒ විමර්ශන කරලා තිබෙනවා.

ඇමෙරිකාව ,පකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලින් ලංකාවට පැමිණ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළා කර තිබෙනවා.

ලංකාවේ කතෝලික රදගුරු සමුළුව ප්‍රකාශ කරන්නෙත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්
පවත්වන්න කියලා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති වාර්තා ජනනාවට පාර්ලිමේන්තුවට ලබානොදී හංගගෙන සිටීමෙන් අපට පෙනෙන්නේ පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කරන්න ආණ්ඩුව උත්සහ කරන බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලද පිරිස් ආණ්ඩුවේ තියාගෙන ඔවුන් සමඟ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවන වෙනවා.

ජනාධිපතිවරයාට ප්‍රස්කු ප්‍රහාරය සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණ නවත්වන්න පුලුවන් තව අවුරුද්දකට. නව රජයක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරනවා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඒ සඳහා පොරොන්දුවක් ලබාදීලා තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට ජාත්‍යන්තර සහය ලබාගැනීමට විපක්ෂය කටයුතු කිරීමෙන් රජය කලබල වෙලා තිබෙනවා. පොහොට්ටුව තමයි වැඩියෙන් කලබලවෙලා තියෙන්නේ. ඔවුන්ටත් මේ ගැන චෝදනා එල්ල වෙලා තියෙනවා. විපක්ෂයට මඩ ගහලා මේ පරීක්ෂණ නවත්වන්න බෑ.

පොලිසිය ඇතුළේ අර්බුද ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. තාම හිටපු පොලිස්පතිවරයාට සේවා දිගු ලබාදෙමින් පොලිසිය ඇදගෙන යනවා. මේ හරහා පොලිසියේ දැඩි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ නිසා පාතලය හිස ඔසවලා තිබෙනවා. පොලිස්පති තනතුර සඳහා ජනාධිපතිවරයා සහ පොහොට්ටුව ඇතුළේ කඹ ඇදිල්ලක් තිබෙනවා. ඒ තුළින් රටේ ජාතික ආරක්ෂාවට බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා.

අයි එම් එෆ් නිලධාරීන් සමගි ජන බලවේගය හමුවුණ අවස්ථාවේ ප්‍රකාශ කළා රටේ වංචාව හා දූෂණය ඉවර කරන්නේ නැතිව රටේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ නැතිව රටේ ආයෝජන ප්‍රවර්ධනය කරන්නේ නැතිව රටේ තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ කියලා.

අයි එම් එෆ් නිලධාරීන් රජයට අලුතින් කාරණා 16 ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාරණා 16 ඉටු කරන්න කියලා අයි එම් එෆ් ආයතනය රජයට කොන්දේසි දාලා තියෙනවා.

ලංකාවේ දූෂණය සහ වංචාව යන කාරණය විශාල ප්‍රශ්නයක් බව අයි එම් එෆ් ආයතනයත් පිලිගෙන තිබෙනවා. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ගැනත් අයි එම් එෆ් අවධානය යොමු කරලා තියෙනවා. ඩිජිටල් ක්‍රමවලින් සහ යම් යම් කාරණා සරල කිරීමෙන් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නංවන්න කියලා අයි එම් එෆ් ආයතනය රජයට කියලා තිබෙනවා.

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීම වැදගත් වන බව අපි රජයට පෙන්වා දෙනවා. පැරිස් ක්ලබ් ඇතුලු විදෙස් රටවලින් විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීම් වලට යම් එකඟතාවයක් තිබුණත්. චීනය ඒ සඳහා එකඟනොවන තත්ත්වයක් පෙනෙන්ට තිබෙනවා.

විදෙස් ණය සියයට 30 කින් කපා දැමීම / විදේශ ණය ගෙවීම කල් දැමීම / විදේශ ණය රුපියල් වලින් ගෙවීම යන යෝජනා ගැන චීනයේ ප්‍රසාදයක් නැති බව වාර්තා වෙනවා.

මාස දෙකක කාලයක සිට චීනයේ ශ්‍රී ලංකා තානාපතිකෙනෙක් නෑ. චීනය සමඟ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකිරීම වැනි වැඩකටයුතු මේ වනවිට අසාර්ථ වන තත්ත්වයක් පෙනෙන්න තිබෙනවා. මේය අසාර්ථක වුනොත් ආර්ථික බලපෑමක් එල්ල වෙන්න පුලුවන්.

වෘත්තීය සමිති වැටුපු වැඩිවීමක් ඉල්ලා තිබුණා. නමුත් එන අයවැයෙන් වැටුප් වැඩිවීමක් සිදුවන්නේ නෑ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගුව බරපත ආදායම් එකතු කිරීමේ තත්ත්වයකට පත්වන බව අයි එම් එෆ් ආයතනය ප්‍රකාශ කරලා තියෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට ඇමරිකන් ඩොලර් බිලියන 1.2 ක ණයක් තියාගෙන තමයි පවත්වාගෙන යන්නේ. මහින්ද රාජපක්ෂ එමිරේට්ස් ගුවන් සේවය පන්නා දමා ශ්‍රී ලංකන් ගුවන් සේවය තමන්ගේ මස්සිනාට දුන්නට පස්සේ අද වෙන කන් පාඩු ලබමින් තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය / ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආයතන ප්‍රතිව්‍යුහගත නොකර ඒවායේ බර තව තවත් ජනතාව මත පැටවීමට රජයට උත්සහ කරමින් සිටිනවා. මේ ආයතනවල අලාභය ගණනය කරලා ඒ අලාභයෙන් ජනතාවට බර පටවන්නේ කොහොමද කියලා තීන්දු තීරණ ගන්නවා පස්සේ ඒ අලාභය ජනතාවගේ බිලට එකතු කරනවා.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img